මෝටර් රථ අලෙවිය 4.6% ඉහළට



ඕමානයේ මෝටර් රථ 1,157,440ක් 2018 වර්ෂයේදි අලෙවි කර ඇති බව වාර්තා වේ.

2017 වර්ෂයට සාපෙක්ෂව 2018 වර්ෂයේදි 4.6%ක වර්ධනයක් මෝටර් රථ අලෙවියේ පෙන්නුම් කරන බව ඕමාන් සංඛ්‍යාලේඛන සහ තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර ඇත.

2017 වර්ෂයේදි 1,106,728ක්ද, 2016 වර්ෂයේදි 70,706ක්ද,2015 වර්ෂයේදි 74,113ක් මෝටර් රථ අලෙවි කර ඇති බව වාර්තා වේ සඳහන් කර ඇත. 

ලියාපදිංචි කරන ලද කුලි රථ සංඛ්‍යාවද වාර්ෂිකව ඉහළ ගොස් ඇති අතර 2015 දි 4,886ක්ද, 2016දි 3,972ක්ද,2017 දි 22,456ක්ද, 2018 දී 23,363ක්බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS