ප්‍රථම ජල උද්‍යානය



ඕමානයේ ඉදිකරනු ලබන ප්‍රථම ජල උද්‍යානය මේ වසර අවසන් වනවිට විවෘත කිරීමට හැකි වන බව ඕමාන සංචාරක අමාත්‍යාංශය නිවේදනය බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

The world-class Hawana Aqua Park ලෙස නම් කර ඇති ජල උද්‍යානය, වර්ග මීටර් 65.000ක වඩා වැඩි ඉඩ ප්‍රමාණයකඉදිකර ඇත.

දිනකට පුද්ගලයින් 500කට පමණ පහසුවෙන් විනෝද විය හැකි වන ආකාරයෙන් ජල උද්‍යානය නිර්මාණය කර ඇත.

ඕමාන සංචාරක අමාත්‍ය,අහමඩ් බින් නසීර් හමාඩ් අල්-මහරිසි පසුගියදා ජල උද්‍යානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා සංචාරයක නිරත වු අතර මෙවැනි උද්‍යාන ඉදිකිරීමෙන් සංචාරක ආකර්ෂණය වැඩි වී ඕමාන සංචාරක කර්මාන්තයේ නව දියුණුවක් ඇති කළ හැකි බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බව  ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS