පළමු ගුවන්යානාය සමාගමට භාරදෙයි



කුවේට් ගුවන් සේවය ඇණවුම් කළ A320neo වර්ගයේ ගුවන්යානා 15 වෙන් පළමු ගුවන් යානය ගුවන් සමාගමට ලැබෙන බව වාර්තා වේ.

විවිධ වර්ගයේ ගුවන්යානා 28ක් 2026 වනවිට මිලදී ගැනීමට ගුවන් සමාගම සැලසුම් කර ඇති අතර ගුවන්යානයලැබුණු පසු ගුවන් ගමන් සඳහා යෙදවීමට සමාගම පියවර ගෙන ඇත.

ඉතිරි ගුවන්යානා අදියරයන් කීපයකින් ගුවන් සමාගමට ඉදිරි කාලයේදි ලබාදීමට කටයුතු කරන බව ගුවන් නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත.

අලුතින් මිලදී ගත් ගුවන්යානය “Kathemah’’ ලෙස නම් කළ බවත්, ජර්මනියේ හැම්බර්ග් නුවර සිට ගුවන්යානය කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන බව කුවේට් ගුවන් සමාගමේ සභාපති, යූසෙෆ් අල්-ජාසිම් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS