දුම්වැටි අලවිය 20 % පහළට



අබුඩාබියේ දුම්වැටි අලවිය පසුගිය මාස නවයක කාලය තුලදී 20% පහළ ගොස් ඇති බව මාධ්‍යයට ඉදිරිපත් කරන ලද සංඛ්‍යා දත්ත මඟින් තහවුරු වන බව ජි.ඩි.එන් ඔන්ලින් වෙබ් අඩවිය වාර්තා කළේය.

දුම්වැටි සදහා 100% ක්ද ශක්ති ජනක පානයන් සදහා 50%ක බද්ධක් අයකිරීමට රජය ගත් තීරණය හේතුවෙන් දුම්වැටි අලවිය පහත වැටීමට හේතු වී ඇත.

දුම්වැටි ප්‍රති-අපනයනය කිරීමෙන් 2016 වර්ෂයේ ඔක්තෝබර් මාසය අවසන් වනවිටඑමිරේට්ස් ඩිරාම් මිලියන 404ක ආදායමක් ලබා ඇති අතර 2017 වර්ෂයේ එම කාලය තුල ලැබු ආදායම ඩිරාම් මිලියන 345ක් දක්වා පහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත මඟින් තහවුරු වේ. 

එමිරේටය දුම් වැටි ආනයනය කිරීම සඳහා වැය කළ මුදල 2016 වර්ෂයට සාපේක්ෂව ඩිරාම්මිලියන 3ක් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

 ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS