තෙල් හා ගෑස් සංචිත ඉහළ යයි



ඕමානයේ සමස්ත තෙල් සහ ගෑස් සංචිත පසුගිය වසරේ (2018) ඉහළ ගොස් ඇති බවඕමාන තෙල් සහ ගෑස් අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

2018 වර්ෂයේදි සමස්ථ තෙල් බැරල් ප්‍රමාණය බිලියන 4.791 දක්වා ඉහළ ගොස් ඇති අතර 2017 වර්ෂයට සාපේක්ෂව තෙල් බැරල් මිලියන 51ක වර්ධනයකි.

ගෑස් සංචිතයඝන අඩි ට්‍රිලියන 23.93 දක්වා පසුගිය වසරේ ඉහළ ගිය අතර 2017 වසරට සාපේක්ෂව ඝන අඩි ට්‍රිලියන 0.96කින් ඉහළ යෑමකි.

තෙල් සහ ගෑස් අංශවල දැනට ක්‍රියාත්මක වන සමස්ථ ව්‍යාපෘතිවල පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 22ක ඉක්මවා ගොස් ඇති බවතෙල් සහ ගෑස් අමාත්‍යාංශයේ උප-ලේකම්, සලීම් අල්-අෆී ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS