තෙල් විකුණන්න සූදානම්



ඇමෙරිකාව අලුතින් පැනැවූ සම්බාධක මඟහැර, තම තෙල් විකිණීමට පෞද්ගලික අංශය හවුල් කර ගන්නවා යැයි ඉරානයේ පළමු උප ජනාධිපති ඉෂාක් ජහින්ගීරි තෙහෙරාන් අගනුවර පැවැති ආර්ථික සමුළුවකට එක් වෙමින් පැවැසීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය, ඉරානයට නව සම්බාධක පැනැවීමක් කළේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ලෝක බලවතුන් ඉරානය සමඟ ඇතිකරගෙන තිබුණු, පොදු එකඟතාවයෙන් ඉවත් වෙමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS