ගෝලීය අර්ථිකය වැටිලා



අර්බුදයකට ලක් වී තිබුණු ගෝලීය ආර්ථිකය කබලෙන් ලිපට වැටී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් එහි ආර්ථික උපදේෂිකා ගීතා ගෝපිනාත් පෙන්වා දුන්නේ, මෙම 2020 වසරේ අප්‍රේල් මාසයෙන් පසු ගෝලීය ආර්ථිකය වේගයෙන් හැකිලී ඇති බවය.

ගෝලීය ආර්ථිකය මෙසේ කඩා වැටීමකට ලක් වීමට හේතුව වී ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරස වසංගතයයි. වයිරසය වසංගතයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් ලොව පුරා රටවල් ගණනාවක රැකියා කප්පාදු සහ රැකියා අහිමිවීම් වාර්තා වේ.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වුණු බලපෑම් හේතුවෙන් ඇමෙරිකාවේ පමණක් රැකියා අහිමි වූ ගණන මිලියන 40 කට වඩා වැඩි යැයි පැවැසෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS