ඕමාන් ගුවන් සේවයේ ප්‍රධානියා අස්වෙයි



ඕමාන් ජාතික ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී, පොල් ගේගෝරොවිච් ඉල්ලා අස්වීමේ ලිපිය ඕමාන් ජාතික ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයට භාරදී අති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

පොල් ගේගෝරොවිච්ගේ අස්වීමේ ලිපිය භාරගත් බවත් බැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස  නිෂ්පාදන සහ වෙළඳ නාම සංවර්ධන අංශයේ විධායක උප සභාපති,අබ්දුලාසිස් අල්- රීසි පත් කළ බව ඕමාන් ජාතික ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තාවේ.
පොල් ගේගෝරොවිච් 2014 වර්ෂයේ ඕමාන් ජාතික ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගත්තේය.

ඇම්ස්ටර්ඩෑම් හි පිහිටා ඇති මගී හා ගුවන් භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන මාර්ටිනර් හොලන්ඩ් NVහි  2007 සිට 2011 දක්වා සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS