එමිරේට්ස් යානාවල ලැප්ටොප් තහනම ඉවතට



ඇමෙරිකාව බලා පියාසර කරන තම ගුවන් යානාවල ඇමෙරිකන් රජය විසින් පනවා ඇති ‘ලැප්ටොප් තහනම’ ක්‍රියාත්මක නොවන බව එමිරේට්ස් ගුවන් සමාගම කියයි.

ගුවන් යානා තුළ ලැප්ටොප් පරිගණක භාවිතා කිරීම වළක්වමින් ඇමෙරිකාව එම ‘ලැප්ටොප් තහනම’ පැනැවූයේ පසුගිය මාර්තුවේය. ඒ, මුස්ලිම් රටවල් 6 කින් ඇමෙරිකාවට පැමිණෙන ගුවන් යානා වෙනුවෙනි.

දීර්ඝ වශයෙන් ඇමෙරිකා බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන්, පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට හැකිවුණු බවත් ඒ අනුව, තම ගුවන් සේවාවට අයත් යානාවල එම තහනම ක්‍රියාත්මක නොවන බවත් එමිරේට්ස් නිවේදනය කර ඇත.

මැදපෙරදිග කලාපයේ පුළුල්ව ව්‍යාප්ත වී ඇති ගුවන් සේවය වන්නේ එමිරේට්ස්ය. එමිරේට්ස් යානා මැදපෙරදිග සිට ඇමෙරිකාවේ ප්‍රධාන නගර 12 කට පියාසර කරයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS