නිදහසේ පියා ඩී.එස්. දැයෙන් සමුගෙන 66 වසරයි



අප දන්නා ඉතාම මුල්කාලයේ මානව ඉතිහාසයෙහි, අතිශයින්ම ප්‍රබල ලෙස ඉස්මතුව පෙනෙන ලක්ෂණය නම්, විමුක්තියත් ආධිපත්‍යයත් අතර අරගලයයි. මෙය විශේෂයෙන්ම පෙනෙන්නේ ග්‍රීසියේ, රෝමයේ සහ එංගලන්තයේ ඉතිහාසයේයි.
(ජෝන් ස්ටුවර්ට්මිල් (1806 - 73) බි්‍රතාන්‍ය ජාතික දර්ශනවාදියා)
දෙවියන් නිදහස දෙන්නේ හුදෙක් නිදහසට ආදරය කරන අයට පමණි. එමෙන්ම ලද නිදහස සදාකාලිකවම ආරක්ෂා කරගන්නටත් පරෙස්සම් කරගන්නටත් හැම විටම සැදී පැහැදී සිටින අයටත් පමණි.
(ඩැනීයල් වෙඞ්ස්ටර් (1782 - 1852) චතුර කථිකයකු ඇමෙරිකානු පාලනතන්ත්‍රවේදියා)

 

සාමූහික සම්බන්ධතාවයකින් විශිෂ්ට ලෙස සන්නද්ධවී ආගම්, ජාති, කුලමල වර්ග ආදී කිසිදු භේදයකින් තොරව ජාතිමාමකව, මානව හිතවාදීව, හැඩගැසුණු. ආත්ම ත්‍යාගී කණ්ඩායමක්, 1948 පෙබරවාරි මාසයේ හතරවනදා, එතෙක් අපට අහිමි කොට තිබුණු නිදහස යළිත් ජාතියට ලබා දුන්හ. අවුරුදු 133 ක් මුළුල්ලේ, පැවැති අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන්, මේ අසිරිමත් සිරිලක් දේශය මිදුණේය. අපි, ජගත් ජන කණ්ඩායම් අතුරින්, ඉතිහාසය අති ගෞරව පූර්වක ලෙස රක්නා දේශයක් වන්නෙමු. මේ වනවිට ලොව බොහෝ දෙනා දන්නා පරිදි ශතවර්ෂ 20 කටත් අධික කාලයක් මුළුල්ලේ අඛණ්ඩව වාර්තා ගත කොට තිබෙන, ඉතිහාසයක් සතු දේශය අපි වෙමු.



1815දී අප තැටියක් මත තබා අපගේ ඒ අසහාය සෛවරිත්වය සුදු අධිරාජ්‍ය නියෝජිතයන්ට භාර දෙනවිට අපගේ ප්‍රධාන පාලන වංශයට අයත් පාලකයන් 186 දෙනෙක්, මේ දිවයින් නිධානය පාලනයකොට ප්‍රධාන රාජ ලේඛනයට ඇතුළත්වී සිටියහ. ප්‍රාදේශිය පාලකයෝ ඒ 186 දෙනාගේ ප්‍රධාන ලේඛකයෙහි නොසිටිති. මහාවංශ, චූලවංශ, ග්‍රන්ථයන්හි මේ කතාව ඇතුළත්වේ.


අපේ බලකාමී නායකයන් විවිධ ආත්මීය ප්‍රතිලාභ පතා, ශ්‍රි ලංකා මහගණ, සුදු රජුන්ට දෙද්දී ඒ සුදු පාලනය, බලය තහවුරු කොට ගනිමින් සිටියේය.


එහෙත්, අපගේ අතින් නිදහස ගිලිහී ගොස් යටත් විජිත වාදීන්ගෙන් අප යළිත් එය ලබා ගන්නට බලන්නට බි්‍රතාන්‍යය, ඉරු නොබසින අධිරාජ්‍ය බවට පත්වී  ලෝක යුද්ධ දෙකක ජයග්‍රාහකත්වය ලැබ සිටියේය. ඒ නිසා 1815 දී අප විසින් ඔවුන්ට පුදදෙන ලද නිදහස 1930-1940 කාල පරාසය තුළදී ආපසු ලබා ගැනීම, කිසිසේත් පහසු තන්ත්‍රයක් නොවීය.


1948 මේ නිදහස සමග දිනාගත් ශ්‍රී ලාංකික දේශප්‍රේමී සත්පුරුෂයන්ගේ කැපවීම, ජාතියේ මතකයෙන් කිසිසේත් නොගිලිහෙන වීර ව්‍යායාමයක් වන්නේ ඒ නිසාය.


අපේ අසල්වැසි මහා දේශය වන ඉන්දියාවට, අධිරාජ්‍යවාදී අයෝමය ග්‍රහණයෙන් ගැලවෙන්නට, ලක්ෂ සංඛ්‍යාත ජන කණ්ඩායමක් බිලි දෙන්නට සිදුවූයේය. 


1815 සිදුවූ ඛේදවාචකයෙන් පසුව, මේ දේශයේ බොහෝ දෙනා, අධිරාජ්‍යයීය පාලනයෙන් මිදෙන්නට ජීවිත පූජා කළහ. එහෙත්, ඒ මුල් සෛවරිවාදී අරගල එතරම් ගැඹුරු ප්‍රතිඵල ගෙන ආයේ නොවේ.


මෙවැනි පසුබිමක, ශ්‍රී ලංකාවේ නිදහස සිය ජීවන අරමුණු කොටගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අපගේ මෑත ඉතිහාසයේ පහළ වූයේය.


මැදහත් ඓතිහාසික විචාරයක යෙදෙන විට, ඒ පුරුෂයා යුගයේ මහා වීරයෙකැයි පිළිගැනීම ඉතිහාසයේ යථා තත්ත්වය නිහතමානීව පිළිගැනීමක් වන්නේය.


සිරිලකට නැතිව ගිය නිදහස දිනා ගැනීමේ දෛවෝපගත අරමුණැතිව ඩී.එස්. මේ දේශයේ ඉතිහාසයට ආයේය. ‘ආයේය’ යන්න ප්‍රමාණවත් නොවේ. දේශයේ ඉරණමට අරක් ගත්තේය.


ඔහු උපත ලැබුවේ 1884 ඔක්තෝබර් 20 වන දිනයේදීය. ස්ථානය, මීරිගමට නුදුරු ‘බෝතලේ’ පියසයි. බෝතලේ යන්නෙහි අරුත බෝධිය පිහිටි තලාව යන්නයි. (මහ තලාව මාතලේ යැයි සිතන පරිදිය)


පෙදෙසෙහි ප්‍රභූත්වය දැරූ පවුලකට බිහිවූ ඩි.එස්. කුඩා අවදියේ පටන් ජනාශ්‍රය, නිසිසේ පුරුදු කළ අයෙකි. පසුව, මේ දිවයිනේ ඉරණම, ඔහුට බාරවූ විට, ඒ පාලන වේදියාට, කෘත්‍රිම මානව සම්බධතා අවශ්‍ය නොවීය. ඒ ජනතා සුහද බව, ඔහුගේ චරිතාංගයක් වශයෙන් ස්ථාවරව සටහන්වී තිබුණු හෙයිනි.


පුතුන් තිදෙනකු ගෙන් හා දියණියකගෙන් යුත් සේනානායක පවුලේ බාලයා වූයේ ඩී.එස්.ය ඔහු, නිදහස් දිවිපෙවෙත ‘ලබා’ උපන්නෙකි. ඔහුගේ කුඩා විය පිළිබඳ ජනශ්‍රැති එයට සාධකය. සොහොයුරන් උසස් අධ්‍යාපනය ලැබුවේ මෝදර ශාන්ත තෝමස් විදුහලෙනි.

තුන්දෙනාම මීරිගම සිට දුම්රියෙන් කොළඹට එති. පාසල් වාරය නිමාවූ නොබෝ වේලාවකින් තිබෙන්නේ ශීඝ්‍රගාමී දුම්රියකි. වැඩිමල් දෙසොහොයුරෝ එයට නොනගිති. නවත්වන දුම්රිය පතා ඔවුහු සිටිති. ඩී. එස්. ශීඝ්‍රගාමී දුම්රියට ගොඩවී ගෙදර කිට්ටුවේදී දුම්රියෙන් පැන නිවසට යයි. අයියණ්ඩිලා එනවිට ඔහු නාගෙන කාබී සුවසේ නිවසේය.


මේ අයගේ මෙන්ම, එදා සමාජ ප්‍රභූත්වයෙහි සිටි බොහෝ දෙනෙකුගේත් ජිවන මාර්ගය වෙනස් කරන ලද්දේ යටත්විජිතවාදී පාලකයන්ගේ කෲර ප්‍රතිපත්ති නිසාය. අමද්‍යප ව්‍යාපාර හා දේශප්‍රේමී සංවිධානත් අනුගත ශ්‍රි ලාංකිකයන්ට යටත්විජිතවාදී පාලකයෝ දැඩි දඬුවම් දුන්හ.

“ජාතියේ පියා” නමින් නිෂ්පාදිත චිත්‍රපටයේ දර්ශන.

 


සමහරු අපචාරීව, අතාර්තිකව, අනීතිකව, අසාධාරණ ලෙස බන්ධනාගාරගත කරනු ලැබූහ. හෙන්රි පේදිරිස් චරිතයේ දිවි ගමන වෙඩි පහරින් නතර කොට, ජාතික වීරයන්ට මුණපාන්නට විය හැකි රුදුරු ඉරණම ප්‍රදර්ශණය කළ යටත් විජතවාදී පාලකයෝ විදේශික කුලී භටයන් ගෙන ආහ. ඔවුන් මේ දේශයේ විභුතිය නොදන්නා නිසා, ගන් අවි හා බැටන් පොළු ජාතික නායකයන් දෙසට හරවන්නට ඉඩදෙන හදවතක් ඔවුන්ට නොතිබුණේය.


ඒ තර්ජන හා අභියෝග කොපමණ තිබුණද ජාතියේ නිදහස දිනාගන්නට භේද නොතකා, වීර කණ්ඩායමක් සංවිධානය වූයේය. එෆ්. ආර්. සේනානායක, සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් රාමනාදන්, සර් පොන්නම්බලම් අරුණාචලම්, ඩී. බී. ජයතිලක, ඩී. ආර්. විජයවර්ධන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ ඊ. ඩබ්ලිව්. පෙරේරා වැන්නෝ, එහි පෙරමුණ ගත්හ. 


එහෙත්, අනිවාර්යයෙන්ම ඒ සියල්ලේදී, නිරායාසයෙන්ම නායකත්වය, අයිතියක් වශයෙන් පැවරුණේ ඩී.එස්ටයි.


ඔහු ජනකාන්ත භාවය හා සුදුසු පාලන තන්ත්‍රවේදී විචක්ෂණතාවයකිනුත් හැඩ ගැසුණු ජන සාස්තෘවරයෙක් විය. ඔහු, පොත පතට වඩා හැදෑරුවේ ජන හදය. වරක් සේනානායක පියා ඩී. ඇස්. ඇතුලු දරුවන් තමාවෙත කැඳවුයේය. ‘එෆ්. ආර්. පංතියේ කීවෙනියාද දහඅට වෙනියා පියා කීයේ ඔහුට ඉගෙන ගන්නට බැරිය කියායි. දෙවැන්නා දහහතර වැන්නා වී තිබුණේය. ඔහු ගැනද පියාගේ මතය එසේමය.

පියා බාලපුතු ඩී. එස්. තමා වෙත කැඳවීය. මං හතරවැනියා. පියා ආදරෙයෙන් ඔහු තමා වෙත ගෙන,  පුතේ පංතියේ කී දෙනාදැයි විමසීය. ‘හතර දෙනයි තාත්තේ’ ඩී. එස්. විශ්වාසය තැබුවේය. අපේ ඓතිහාසික අතීතය කෙරෙහිත්, ගැහෙනසැලෙන ගැමි හදවත් පූරවැසි හදවතේ රිද්මය කෙරෙහිත්ය. මහපැරකුම් රජු සිය ආදර්ශය කොටගත් ඩී. එස්. අහරින් රට ස්වයංපෝෂිත කිරීම, සිය මුඛ්‍ය ජාතික පර්මාර්ථය කොට ගත්තේය.


එය විශිෂ්ට ලෙස මල් පල දරා රටේ ජනතාවට නොමිලේත් සහල් සැපයෙන යුගයක් උදා වූයේය. 


ඩී. එස්. චරිත විකාශනයේ විවිධ අවස්ථා විවරණය කිරීමය. මෙහි නොතැති.


එහෙත් ඔහු 1815 මාර්තු දෙවනදා සිට, පරාජිත මනසින් සිටි ජාතියක කඳුලැලි පිසදමා, අපේ රටට සුදු පාලනය දුන් ධවල රාජ්‍යකීයන් ලවාම, අපගේ ශ්‍රී ලංකා ධජය ඉහළ නංවා ලුයේ. 


ඒ සිංහ කොඩිය 1815 දී බිමට හෙලන ලදුව, ලන්ඩන්හි චෙල්ස් ආරෝග්‍ය ශාලාවේ තිබී ඩී. ආර්. විජයවර්ධන යොවුන් දේශප්‍රේමියාණන් විසින් සොයා ගනු ලැබීය.


 මින් ඔබ්බට මා යොමුවන්නේ. ඩී. එස්. චරිතය ආශ්‍රිත අලුත්ම අංශයක් දෙසටයි.


1952 මාර්තු 22 වැනිදා ඩී. එස්. අසු අරා සිටියදී හටගත් හෘදයාබාධයකින් සිරිලකත් ජීවිතයත් හැර දා ගියේය.


ඒ වීර චරිතයට පිදෙන අති උත්කෘෂ්ඨවත් උපහාරයක් දැකීමෙන්, එහි අසහාය අගය ආස්වාදය කිරීමෙන් විශේෂ වර ප්‍රසාදය මට නොබෝදා අත්පත්විය.


මා ඔබට පවසන්නේ. සුනෙත් මාලිංග ලොකු හේවා නම්, දෑහිතැති සිනමා ප්‍රවීණයා විසින් තනන ලද, ජාතියේ පියා නම් චිත්‍රපටය ගැනයි.
මා විසින් මැදහත්ව පැවසිය යුත්තක්වේ.


අපගේ පැරණි හා මෑත ඉතිහාසය ප්‍රස්තුත කොටගෙන, විවිධ සිනමා හා රූපවාහිනී නිර්මාණ පහළවේ.


එහෙත්, මේ “ජාතියේ පියා” නම් සිනමා විත්තිකවා නාට්‍යය තරම් (DOCUDRAMA) තරම් ආයාසයෙකින් ඉතිහාසයේ ප්‍රබල අංශයක්  අපගේ සිනමාවට ගෙන ආ වෙන අන් අවස්ථාවක් මා දැක නැත. ඩී. එස්. සමයේ පැවැති ශ්‍රී ලංකාව තාත්වික ලෙස චිත්‍රපට මාධ්‍යයට ආරූඪ කරමින්, එදා ව්‍යවහාරවූ ඇඳුම් පැළඳුම් සුදු හා දේශීය  ජනතාවගේ ආයිත්තම් හා නිවාස ලක්ෂණ එදා ආකාරයට ප්‍රතිනිර්මාණය කරන්නට මෙහි දැරෙන අසහාය ප්‍රයත්නයය. ශ්‍රී ලංකාවේ හැම පක්ෂයකටම පිදෙන උපහාරයකි. නිර්මාතෘවරයා මෙසේ පවසයි.


1890 සිට 1950 දක්වා දිවෙන දශක හයක විවිධ සමාජතලවලට අයත් ඇඳුම් - විලාසිතා අධ්‍යනය කර 3000 කට ආසන්න ඇඳුම් ප්‍රමාණයක් අලුතින්ම සකසමින් මේ චිත්‍රපටිය සඳහා ඇඳුම් නිර්මාණ කණ්ඩායම සුදානම් විය. ග්‍රේෂ්ඨ ජාතික විමුක්තිදායක දේශමාන්‍ය ඩී. එස්. සේනානායක විශිෂ්ඨයා ජනහදේ ඛේදවාචී අවසානයෙන් හැට හයවන වස වේදනාපූර්වකව සමරන මොහොතේදී එතුමන්ගේ චරිත කතාව, හැම දෙනාටම නැරඹිය හැකි ව්‍යක්ත සිනමා කෘතියක් බවට  පත්කළහ. සුනෙත් මාලිංග ලොකු හේවා මහතාටත් කෘතඥතාව පළ කළ යුතුවේ. ඩී. එස්. කතාව මෙතෙකින් නොනිමෙන්නේය.

 


 

සුනඛ සුරතලාගේ ස්වාමි භක්තිය

සුනඛයකුගේ කෘතඥතාව සහ ඒ සත්වයාගේ ස්වාමි භක්තිය පිළිබඳ හද සසල කරන කතාවක් ලොවපුරා නොබෝදා ප්‍රචාරය වූයේය.
ඒ කතාවට මුලිකවන්නේ ‘ජර්මන් ෂෙපඞ්’ වර්ගයේ සුනඛයෙකි. ඒ සුනඛ සුරතලාගේ නම ‘කැප්ටන්’


‘කැප්ටන්ගේ’ හිමිකරු වූයේ මිගෙල් ගෑස්මාන් නමැත්තෙකි. ඔහු 2006 යේදී මිය ගියේය. ආජෙන්ටිනා දේශයේ කොර්දෝවා ප්‍රාන්තයේ විලා කාලෝස් පාස් නුවර, නාගරික සුසාන භූමියෙහි ඔහු මිහිදන් කරනු ලැබුවේය. මානල් ගුස්මාන්ගේ අවමංගල්‍ය කටයුතුවලින් පසුව, ඔහුගේ සුරතල් සුනඛයා ‘කැප්ටන්’ ආගිය - අතක් නැතිව ගියේය. ඒ සුරතල් සුනඛයා ගැන කිසිම ආරංචියක් පවුලේ අයට නොලැබුණේය.


එහෙත්, ගුස්මාන්ගේ පවුලේ අය දැඩි හද සසල කිරීමට හා කම්පාවට පත්කරන ආරංචියක් ඔවුන්ට ලැබුණේය. ඔවුන් සිතා සිටියේ සුනඛ සුරතලා ආගිය අතක් නැතැයි කියාය. එහෙත්, ‘කැප්ටන්’ සිටි තැන සොයා ගන්නාලදී. ඒ මිගෙල් ගේ අභාවයෙන් මසකට පසුවයි. මිගෙල් ගුස්මාන් ගේ භූමදානය සිදුවූ දා පටන්ම ඔහුගේ සුනඛ සුරතලා, නැවතී සිට තිබෙන්නේ, සිය ස්වාමියාගේ, සොහොන ළඟයි.
‘කැප්ටන්’ සිය ස්වාමියාගේ සොහොන සොයා ගත්තේ කෙසේදැයි කිසිවෙකුට හෝ දැනගත හැකි නොවීය.


නාගරික සුසාන භූමියේ පාලක හෙක්ටර් විස්ගා මෙසේ පැවසුවේය.


දවසක්දා, මේ සුනඛයා - ‘කැප්ටන්’ මෙතැනට ආවා. කැප්ටන් මෙහි ආයේ තනියමයි. ඇවිත්, මේ සුසාන භූමිය පුරාම ඇවිද්දා.
‘අන්තියේදී ‘කැප්ටන්’ සිය ස්වාමියාගේ සොහොනෙ සොයාගත්තා. එතැන් පටන් මැරෙන තෙක්ම ‘කැප්ටන්’ සිටියේ සිය ස්වාමියාවන මිගෙල් ගුස්මාන්ගේ සොහොන ළඟ.’


‘කැප්ටන්’ සිය ස්වාමියාගේ සොහොන ළඟ අවුරුදු දහයක්ම ජිවත් වුයේය.


කැප්ටන්ගේ අභාවය සිදුවනවිට ඒ සුරතලාගේ වයස 15 ක්ව තිබිණි. එහෙත් මෙතෙක් විසඳුනේ නැති ප්‍රහේලිකාව නම් ‘කැප්ටන්’ සිය ස්වාමියාගේ සොහොන සොයා ගත්තේ කෙසේද යන්නය. 


‘කැප්ටන්’ සුරතලාට, ආහාර - පාන ලැබුණේ කෙසේද යන්නත් ප්‍රශ්නයකි.


 

බැතිමත් උපාසකයාගේ මුදල් සොරකම

ජපානයෙන් අසන්නට ලැබුණු කතාවකි. එහි ‘ජෝඩෝ ෂින්’ නම්, ආගමික නිකායක් වේ. ඒ නිකායට අයත් ශ්‍රාවකයෙකු වන සෙතුරෝ නම් උග්‍ර බැතිමතෙකුට වරක් ඇබැද්දියක් සිදුවූයේය.


ඔහු ගෙදර නැති වේලාවක, නිවසට ආ සොරෙක් ඔහුගේ මුදල් රැගෙන ගොස් තිබිණි. මේ ගැන, සෙතුරෝ උපාසකයාගේ මිතුරෝ ඔහුගෙන් කරුණු විමසූහ. සෙතුරෝ, මහා උපාසකයාගේ පිළිතුර මෙසේය.


මා ගෙදර නැති වේලාවක, මගේ නිවසට අවුත්, මගේ ගෙයි තිබුණු මිල - මුදල් අරන් ගොහින්, මට හිතෙන හැටියට ඒ තැනැත්තාට මොකක් හෝ බැරෑරුම් දුෂ්කරතාවයක් තියෙන්නට ඇති. ඔහුට කොහොම හරි මුදල් ඕනෑකලා විය හැකියි.


වාසනාවට, මා ගෙදර නැති වුණේ. මගේ නිවසේ මුදල් තිබුණා.


ඔහුගේ වුවමනාව පිරිමැසුනා. දැන් මගේ මුදල් සොරකම් කිරිමට ගොදුරු වූ මෛත්‍රී පුර්වක අයෙක් වශයෙන් කවුරුත් පිළිගන්නවා.


 

සර් ආතර් කොනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස්

මෑත සාහිත්‍ය ලෝකයේ, නිර්මිත, චරිත අතර අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙකු වශයෙන් ජන අවධානයට ලක්වී සිටින්නේ ෂර්ලෝක් හෝම්ස් නම් රහස් පරික්ෂක වරයායි.


මේ චරිතය නිර්මාණය කළ සර් ආතර් කොනන් ඩොයිල් උපත ලැබුවේ 1859 යේදීය. බි්‍රතාන්‍ය ජාතිකයෙකුවූ ඔහු උපන්නේ, ස්කොට්ලන්තයේ එඩින්බරා පෙදෙසේයි. සර් ආතර්, වෛද්‍ය වෘත්තිය උදෙසා උගෙන ගත්තද, ආර්ථීක අඩුපාඩුකම් නිසා ඒ අදහස අත්හැර ලේඛන කලාවට යොමුවූයේය.


ඔහු විසින් ජගත් සාහිත්‍යකාමීන්ට හඳුන්වා දෙන ලද අති තර්කවාදී රහස් පරික්ෂක ෂර්ලෝක් හෝම්ස්, පළමුවනවරට, ඉදිරිපත් කෙරෙන්නේ, ඔහුගේ ප්‍රථම සාහිත්‍යය කෘතියවන ස්ටඩි ඉන් ස්ටාලයිට් නම් ග්‍රන්ථයෙනි. එසේම, ඒ රහස්පරික්ෂක වරයාගෙන් හාර - පාරා කරුණු අවුස්සන, ඔහුගේ හිතුමිතුරු ඩොක්ටර් වොට්සන්ද පාඨක හමුවට ආයේ ඒ පොතෙනි.


ෂර්ලෝක් හෝම්ස් ගේ නිල නිවාසය වශයෙන්, සර් ආතර් විසින් සිය නිර්මාණ ශිලීත්වයෙන් සකස්කරක ලද බේකර් විදියේ වාසස්ථානය, සත්‍යවශයෙන්ම පවත්නා තැනැකැයි සිතන තරමට, ලොව පුරා පාඨකයෝ ආතර් කොනන් ඩොයිල්ගේ කතා ශෛලියෙන් වශී වූහ.


සර් ආතර් ගේ නිර්මාණ ෂර්ලෝක් හෝම්ස්ගේ වීර චාරිකා වශයෙන් කොටස් කිහිපයකින් පාඨක අතට පත්කිරීමෙන් පසුව, සර් ආතර් තුළ තරමක් විස්මිය උපදවන හැඟීමක් ඇතිවූයේය. මේ ෂර්ලෝක් හෝම්ස් වීරයා හිටියා ඇති. දැන් ඔහු මරන්නට ඕනෑ යැයි සර් ආතර්ට සිතුණේය. පාඨකයෝ විරුද්ධවූහ.


අදත් ෂර්ලා්ක් හෝම්ස් කතා සිනමා මාධ්‍යයෙන්ද ප්‍රකාශ වේ. ඒ කතා විවිධ භාෂාවලට අනුවාදිතය. කොනන් ඩොයිල් ලේඛකයාට, නයිට් නම්බුනාමය හිමිවූයේ බෝයර් යුද්ධය අලලා ඔහු විසින් රචිත දකුණු අප්‍රිකාවේ යුද්ධය නම් ප්‍රකාශය නිසාය. හැත්තෑ එක්වන වියේදී සර් ආතර් අභාවප්‍රාප්ත වුවද ෂර්ලෝක් හොම්ස් තාමත් සජිවීය.


 

 

ජාත්‍යන්තර බෞද්ධ දිනය අප්‍රේල් 8

සියවස් 26 කටත් අධික ඉතිහාසයකින් හෙබි බුද්ධශාසනයේ ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ දිනය පැවැත්වෙන්නේ අප්‍රේල් අටවනදායි. මෙතැන් පටන් හැම වසරකම අප්‍රේල් අටවන දිනය ජාත්‍යන්තර බෞද්ධ දිනය වශයෙන් සම්මතවේ.


මේ මහා ඓතිහාසික ජාත්‍යන්තර බෞද්ධ දිනය පැවැත්වීමේ තීරණය සිදුවූයේ ශ්‍රී ලංකාවේදීය. ජගත් බෞද්ධ මහා සමුළුවේ හත්වන සුපිරි සම්මේලන වාරය 2017 දී ඉතා විභුතිමත් ලෙස කොළඹ දී පැවැත්වේ. රටවල් 47 ක මහා බෞද්ධ නායකයන්ගේ ඒකමතික තීරණයක්, ජාත්‍යන්තර බෞද්ධ දිනය තහවුරු විය. 


ඒ අනුව, මේ ජාත්‍යන්තර බෞද්ධ දිනය මෙවර ජපානයේ පැවැත්වේ. අද ලොව බෞද්ධයන්ගේ සංඛ්‍යාව, පනස් දෙකෝටියකි. ඒ අය මහාද්වීප පහ පුරා, රටවල් 47 ක විහිද විසිරී සිටිති.


අප්‍රේල් අට වැනිදා මේ ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ දින උළෙල පැවැත්වෙන්නේ ජපානයේ කතෝ නගරයේ නෙන් බුන්සු හු මුර්යොජුජි මහා සිද්ධස්ථානයේ බුදුසමය පිළිබඳව මහා රාජකීය ශාලාවේදීය. ඉතිහාසයේ මේ ප්‍රථම ජාත්‍යන්තර දිනය, අප්‍රේල් අටවනදා එහි පැවැත්වෙනවිට ඒ මහා සිද්ධස්තානය අවට පුද බිමේ සකුරාමල්පිරී සකුරා රුක් 7600 ක් නොමද සිරියෙන් පිහිටා සිටිති. මේ මහා ශාලාවෙහි තායිලන්තයේ හිටපු මහානායක හිමියන්ගේ ශාරීරික ධාතුන් කාම්බෝජයේ හිටපු නොරොදම් සිහනුන් රජතුමාගේ රාජකීය භෂ්මාවශේෂත් තැන්පත්ව පවතී.


සිදුහත් කුමරු, දළ හයක් සහිත ඇතෙකු අරා සිටින ආකාරයට දක්වන ප්‍රතිමාවක් මේ සිද්ධස්ථානයේ පිහිටියේය.


මෙහි එක් රැස්වන බැතිමත්තු, ලෝක සාමයත්, ලෝක වාසින්ගේ සුහද සහජීවනයත් පතා, සිදුහත් කුමරා ප්‍රතිමාව වැද-පුදා ගනිති. මෙහිදී ඒ භක්තිමත් වන්දනාකරුවන්ට සම්ප්‍රදායික ‘කන්බුත්සු’ චාරිත්‍රයට සහභාගීවිය හැකිය. මේ චාරිත්‍රයේදී සිදුවන්නේ සිදුහත් කුමරුන්ගේ ප්‍රතිමාව දියෙන් නෑවීමයි. එහි තවත් වතාවක්ද සිදුවේ. එයට නම් කෙරෙන්නේ, ‘කන්ජෝ’ නමිනි. එයට සහභාගීවන බැතිමතුන්ගේ හිස, පරිශුද්ධ ජලයෙන් දෝවනය කෙරේ. ජාත්‍යන්තර බෞද්ධ දිනයේදී එහි එක්රැස්වන බැතිමතුන් සියලු දෙනාටම මේ චාරිත්‍ර වාරිත්‍රවලට නොමිලයේ සහභගී විය හැක.


මේ ජගත් මහා බොදු සමුළුවේ මහලේකම් පදවිය දරන්නේ ගරුතර වේරගොඩ සාරද සිංහවහුරු මහානායක හිමිපාණෝයි. මෙය ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයකි.


RECOMMEND POSTS