ඇමෙරිකාව - ඉන්දියාව අතර ආරක්‍ෂක සහයෝගිතා ගිවිසුමක්



 

ආලින්ටන්හිදීය (රොයිටර්)

ඇමරිකාව සහ ඉන්දියාව පෙරේදා (29) ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීය. අත්සන් තැබුණු එම ගිවිසුමට අනුව, හදිසියකදී ගුවන් සහ නැව්තොටපොළ භාවිතයට ගැනීමට දෙරටට හැකි වෙයි. ඊට අමතරව, ඇමෙරිකාවට ඉන්දීය ගුවන් සහ මුහුදු සීමාවට පිවිසීමටත්, ඉන්දියාවට ඇමෙරිකන් ගුවන් සහ මුහුදු සීමාවට පැමිධෑමටත් අවසර හිමි වෙයි.

මෙම ආරක්ෂිත ගිවිසුමට අත්සන් තැබුණේ ඇමෙරිකාවේ වර්ජීනියාවේ ආලින්ටන්හිදීය. ඉන්දියාව වෙනුවෙන් සහභාගී වූයේ ඉන්දීය ආරක්ෂක ඇමැති මනෝහාර් පාරික්කාර්ය. වොෂින්ටනයට පැමිණි ඉන්දීය විදේශ ඇමැතිවරයාට උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය. ඇමෙරිකාව වෙනුවෙන් ඇමෙරිකා ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් සහභාගී විය.

එම ගිවිසුමට අනුව, ඇමෙරිකාව සහ ඉන්දියාව ඔවුන්ගේ යුද නැව් සහ ගුවන් යානාවලට අවශ්‍ය සේවා සැපැයීමට එකඟ විය. මෙම ගිවිසුම සම්බන්ධයෙන් චීනය නොසතුට පළ කර ඇතැයි ද වාර්තා වේ.


RECOMMEND POSTS