සිම්බාබ්වේ - මුගාබේ නාට්‍යයේ අවසන් ජවනිකාව



 

“යම්කිසි නපුරු ක්‍රියාවක්, සුදු අය විසින් කළු අයට විරුද්ධව කළත්, එසේ නැතිව කළු අය විසින් සුදු අයට විරුද්ධව කළත්, ඒ නපුරු ක්‍රියාව, හැමවිටම නපුරු ක්‍රියාවක්මය.”
එදා - 1980වේදී රොබට් මුගාබේ විසින් කරන ලද ප්‍රකාශයක්.

 


සිම්බාබ්වේ දේශයේ සිට, ශීඝ්‍ර වේගයෙන් ලොව පුරා පැතිර ගිය ප්‍රවෘත්තියට මුල්වූයේ සිම්බාබ්වේ නායක රොබට් මුගාබේ හිටිහැටියේ නිවාස අඩස්සියට ගන්නා ලද බවයි.


ලෝකයේ ඉතාම වයස්ගත රාජ්‍ය නායකයාව සිටි 93න් හැවිරිදි, මුගාබේ නිවාස අඩස්සියේ තබන ලද බව ප්‍රකාශ කරන ලද්දේ, සිම්බාබ්වේ සමූහාණ්ඩු රාජ්‍යයේ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරී තැන්පත්, මහසෙනෙවි චිවෙන්ගා විසිනි. චිවෙන්ගා මහ සෙනෙවියාගේ නියෝගය නිසා සිම්බාබ්වේ රාජ්‍යයේ මුලින් උද්ගතවූ හැඟීම නම් දැඩි විස්මයකි.


රටේ ජනතාවට, යථා තත්ත්වය නියම වශයෙන් පැහැදිලිවන්නට පටන්ගත්තේ ඉන් පසුවයි. අවුරුදු තිස්හතක් මුළුල්ලේ සිම්බාබ්වේ රාජ්‍යයේ පාලනය කළ, රොබට් මුගාබේ, සිය ආඥාදායක ග්‍රහණයෙන්, දේශයක් ජාතියක් අන්ත දිළිඳුබවට පත්කළේය. 1980 අප්‍රේල් 17 වනදා අගමැති පදවියේ දිවුරුම් දී 1982කේ දී ජනපති පදවිය ගත් මුගාබේගේ ආඥාදායකත්වය යටතේ, සිම්බාබ්වේ රාජ්‍යයේ ආර්ථිකය කූරියා ගැසුවේ යැයි (කැරකී බිමට ඇදවැටුනේ යැයි) විචාරකයෝ පවසති.


මෙසේ වසර තිස්හතක් මුළුල්ලේ මුගාබේ පාලනය ඉවසා දරා සිටි සිම්බාබ්වේවාසීන්ටත් නිලධාරීන්ටත් තවදුරටත් බලා සිටිය නොහෙන සිද්ධියකට මූණපාන්නට විය.


මුගාබේ, සිය උප ජනාධිපති එමර්සන් අම්නන්ගාවා, හිටිහැටියේම පදවියෙන් පහකළේය. මෙයට හේතුව වූයේ (පෙර ඔහුගේ පෙම්වතිය වූ, දැන් ඔහුගේ භාර්යාව වූ) ග්‍රේස් මරුෆු කාන්තාව උප ජනාධිපති පදවියට පත්කොට, ඇයට මුගාබේගෙන් පසුව සිම්බාබ්වේ ජනපතිනි තනතුර ලැබෙන තැනට මඟ පාදාලීමයි. පහකරන ලද 75 හැවිරිදි එමර්සන් අම්නන්ගාවා සිම්බාබ්වේ දේශයෙන් ඉවත් ගියේය. භාර්යාවට, බලයෙන් උප ජනපති පදවිය දෙන්නට, මුගාබේ විසින් ගන්නා ලද පියවර, දේශපාලන කැරැල්ලක් වශයෙන් හමුදාව විසින් නිගමනය කරන ලද නිසා නොවැම්බර් 15 වැනිදා ඔහුට නිවාස අඩස්සිය පනවන ලදී. අනුතුන් හැවිරිදි මුගාබේ ‘නිවාස අඩස්සි’ නියමය ඒ තරමට ගණන් ගන්නේ නැතිව මහසෙනෙවි චිවෙන්ගා සමඟ සුහද සාමීචියේ යෙදුණේය. එය සාමාන්‍ය සිර අඩස්සියකට වඩා බොහෝ සේ සුහද ලක්ෂණ ගත්තේය.


එසේ වුවද සිම්බාබ්වේ පාලන පක්ෂවන ’්භඹ-ඡත්‍ (සානු පීඑෆ්) පක්ෂය අන්තිම නිවේදනයක් ඔහුට යැව්වේය. ‘නොවැම්බර් 20 වනදා මැදියම් දාවල වනවිට ඉල්ලා අස්වන්න. එසේ නොවී නොගියේ නම් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුව විසින් නිකුත් කෙරේ.’ ’්භඹ-ඡත්‍ තැනෙන්නේ ’සපඉ්ඉඇ ්රෙසජ්බ භ්එසදබ්ක ඹබසදබ ඡදකසඑසජ්ක ත්‍රදබඑ යන පදවල මුල් අකුරු එක්කිරීමෙනි. (සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික ඒකාබද්ධ සංවිධානයේ දේශපාලන පෙරමුණ)


මුගාබේ, ඒ අන්තිම නිවේදනයට ගරුකොට ඉල්ලා අස්වුණේ නැත. ඒ නිසා නොපමාව, නොවැම්බර් 21 වන අඟහරුවාදා රොබට් මුගාබේට විරුද්ධ දෝෂාභියෝග ක්‍රියාදාමය ආරම්භ විය.


එය ක්‍රියාවේ යෙදුනු ආකාරයත්, එහි ප්‍රතිඵලයේ ස්වභාවයත්, තාමත් හරිහැටි ප්‍රකාශයට පත්වී නොමැත.


එහෙත්, මෙහි අතිශය කුහුල දනවන පක්ෂය නම්, මුගාබේ පදවියෙන් පහකිරීමට පක්ෂව සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නගරයේත්, වෙන අන් තැන්වලත් පැවැත්වෙන පෙළපාලිවලින් ප්‍රදර්ශනය වන අපූරුගතියයි.


මේ සිම්බාබ්වේ පෙළපාළි, වෙන අන්බොහෝ පෙදෙස්වල මෙන් ආක්‍රමණශිලී හෝ කර්කෂ හෝ නොවන්නේය. ඒ ක්‍රියාදාමය විරුද්ධාකල්ප, ‘සැණකෙළි’ පෙළපාලියක් වැනියි. ඒ තරුණ මහළු පිරිස්, ඒ දේශයට සුපුරුදු නැටුම්වල යෙදෙමින් පෙළපාලියට එකතු වෙති. ඉතා විචිත්‍ර දියුණු බටහිර පන්නයේ ටයි කෝට් පැළඳ පිරිමි, ජනප්‍රිය නැටුම්පද සහිතව පෙළපාලි පවත්වති.


මුගාබේට කලක් ඉතා හිතවත්ව සිටි විශ්‍රාමිකයන්ගේ උද්‍යෝග පාඨයවන්නේ ‘ගෝ නව් ගෝ නව්, ගෝ නව්’ යන්නයි. (දැන්ම යන්න, දැන්ම යන්න, දැන්ම යන්න)


මේ සියල්ලටම ආභාසය සපයනු ලබන්නේ මුගාබේ විසින් අදිසියේ පදවියෙන් ඉවත් කෙරුණු එමර්සන් අම්නන්ගාවා විසිනි. කලක් මුළුල්ලේ මුගාබේ හා සමඟ සහයෝගයෙන් කටයුතු කළ එමර්සන් අම්නන්ගාවා, සාමාන්‍ය ජනතාව විසින් හැඳින්වෙන්නේ, ‘කිඹුලා’ නම් ජනප්‍රිය නාමයෙනි.


දැනට සිම්බාබ්වේ පාලන පක්ෂයට පත්කොට සිටින්නේ ඔහුය. ඔහු දැනටම නම් කෙරෙන්නේ සිම්බාබ්වේ ජනරජයේ ජනාධිපති වශයෙනි.


මෙසේ, අද ජනාදරයෙන් මෙසේ ආයතනයට පිරිහුනද, රොබට් මුගාබේ ශ්‍රේෂ්ඨතම ජාති හිතෛෂියෙකු වශයෙන් උත්තරීතර සම්මාන ලද්දෙකි.


ඔහු උපදින කාලයේ අද සිම්බාබ්වේ දේශය, බි්‍රතාන්‍ය යටත් විජිතයක් විය. ඒ කාලයේ මේ රාජ්‍යය පිහිටි
පෙදෙස ‘රොඬේෂියා’ නම් විය.


1924රේ පෙබරවාරි 21 වනදා ඔහු උපත ලද්දේ වරප්‍රසාද විරහිත පවුලකයි. ඔහු ‘සෙසුරු’ නම් කුඩා ගෝත්‍රයකව අයත් විය. පියා වඩු කාර්මිකයෙකි. මව ක්‍රිස්තියානි දහම් පාසල් ගුරුවරියකි.


ඔහු ධෛර්යය සම්පන්නව උගෙන ගෙන, උපාධිධාරියෙක්ව ආචාර්ය වෘත්තියට ඇතුළු වූයේය. අත්‍යන්ත ජාතිමාමකයෙකු වූ ඔහු සිය දේශය බි්‍රතාන්‍ය පාලනයෙන් මුදා ගන්නට වැර වැඩුවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දිගු සිර දඬුවම් විඳින්නට ද සිදු විය.

බන්ධනාගාර ගතව සිටි කාල පරිච්ඡේදය දසවසක පසුව ප්‍රදේශයකට පලා ගොස් එහි සිට සිය දේශයේ විමුක්ති සටන මෙහෙයුයේය.
ඒ දේශයට නිදහස ලබාදීමේදී එංගලන්තයේ මාගරට් තැචර් අගමැතිනියගේ සහාය ද ලැබිණ. නිදහසෙන් පසුව පැවැත්වූ ඡන්ද විමසීමෙන් ජය ලත් මුගාබේ පළමුවෙන් අගමැති පදවියත් ඉනික්බිතිව ජනපති තනතුරත් ලද්දේය.


ඔහු නිර්දය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සුදු ජාතිකයන්ගේ වතු, බලයෙන් ගෙන ඒවා ඉඩම් නැති කළු ජාතිකයන්ට බෙදා දුන්නේය. ජනප්‍රිය ප්‍රතිපත්තියක් හැටියට නම් එය ප්‍රශස්තය. මක්නිසාදයත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව පෙරළා අවුත් සිටි රණවිරුවන්ට ඒ ඉඩම-කඩම විශිෂ්ට දායාදයක් විය.


එහෙත් ඒ වතු සුදු සමයයෙහිදී මෙන් ක්‍රමවත්ව පාලනය නොවූ නිසා ඒ වාගේ අස්වැන්න ක්‍ෂය වී ගොස් මුළු ආර්ථිකයම දුර්භික්ෂයකට අසුවූයේය. එතැන් පටන් රොබට් මුගාබේට, ප්‍රබල අභියෝග රැසකට මූණපාන්නට සිදුවිය.


ආර්ථිකය යථා තත්ත්වයට පත්කොට ගැනීම බොහෝ සේ අපාසුවද ඔහු දේශප්‍රේමියෙකු වශයෙන් ඉටු කළ අසහාය මෙහෙය නිසා ඔහුට ජනතාවගේ සහයෝගය හැමවිටම පාහේ ලද හැකි වූයේය.


හොඳින් හෝ නරකින් අඛණ්ඩව පාලනයෙහි යෙදී සිටි ජනාධිපති මුගාබේ, ජන ප්‍රසාදයෙන් ගිලිහුනේ ඔහුගේ දෙවන විවාහයේ භාර්යාව නිසා යැයි බොහෝ විචාරකයෝ හිතති.


දෙවන විවාහයේ භාර්යාව වන ග්‍රේස් මරුෆු කාන්තාව, මුලින් ඔහුගේ ලේකම්වරිය වූවාය. පළමු බිරිය ජීවත්ව සිටියදීම මුගාබේ, සිය ලේකම්වරියට පෙම් බැඳ ඇය හා විවාහ වූයේය. දෙවන බිරිය, මුගාබේට වඩා අවුරුදු 41 ක් බාලය.


සිය බිරිය අනාගත ජනාධිපතිනි කරන්නට දැරූ ප්‍රයත්නය මුළුමනින්ම වැරදී, පක්ෂ නායකත්වයෙනුත් පහවී, පදවියත් අත්හැර දෝෂාභියෝගයකට මූණ පාන්නට මුගාබේට සිදුවිය.


ඒ සියල්ල සිදුවුවද මුගාබේ කියා සිටින්නේ දෙසැම්බර් පළමුවනදාට පැවැත්වෙන පක්ෂ මහා සම්මේලනයට තමා සහභාගි වන බවයි.
දැනට පක්ෂයේ සභාපතිත්වයටත්, දේශයේ ජනාධිපතිත්වයටත් පක්ෂයේ අනුමැතියෙන් පත්වී සිටින එමර්සන් අම්නසගාවා පවසා ඇත්තේ තමා සිය රටට අවුත් ජනාධිපති පදවිය භාර ගත්තේ, මුගාබේ නිල වශයෙන් ඉවත් වූ විට යැයි කියාය. මුගාබේ චරිතය ඉතා විචිත්‍ර ලක්ෂණ සහිතය.


කොයිතරම් දේශමාමක හා ජාතිවාදී වුවද ඔහු ප්‍රිය කරන්නේ ඉංගිරිසි පන්නයේ බටහිර ඇඳුම් පැළඳුම්ය. කලිසම්, කෝට්, ටයි මෙන්ම වෙස්කෝට් පළඳින්නට ද ඔහු රුචියක් දක්වන්නේය. එසේම ඔහු ක්‍රිකට් ලෝලියෙකි.


යොවුන් වියේදී මුගාබේ මහත්මා ගාන්ධිගේ දේශපාලන චර්යාවත් වෙසෙසින් අහිංසා ප්‍රතිපත්තියත් අගය කළේය.


මේ සියලු අර්බුද නිරාකරණය වූවාට පසුව, සිම්බාබ්වේ දේශයේ ජන සන්තානය තුළ ඉතිරිවනු ඇත්තේ මුගාබේ පිළිබඳ කවර ප්‍රතිබිම්බයක්ද?.


සිය දේශය, බි්‍රතාන්‍ය ග්‍රහණයෙන් මුදා ගන්නට දිවි නොතකා සටන් කළ වීරයෙකු වශයෙන් ඔහු ඉතිහාස ගතවේද?.


නොඑසේ නම් කවර ආකාරයෙක හෝ වේවා තන්ත්‍ර මඟින්, පාලනය බලය අල්ලාගෙන, සිය පෙම්වතියට අනාගත පාලනය පවරා දෙන්නට ප්‍රයත්න දැරූ බල ලෝභියෙකු වශයෙන්ද?.


නොඑසේ නම් දුර්වල ප්‍රබල ගති සහිත, එහෙත් මානව හිතවාදී බව අගේ කළ මිනිසෙකු හැටියටද?.


මුගාබේ (93) යයි මනන්ගාග්වා (75) එයි


සිම්බාබ්වේ මුගාබා නාට්‍යයේ අවසාන ජවනිකාවට තිරය වැටුනේ  අනවශ්‍ය වේදනාවලින් හා දෝෂාභියෝග කිළුටෙන්. ඉතිහාසය අඳුරු නොවන පරිද්දෙනි.


 තිස් හත්වසක් සිම්බාවේ දේශය සිය සිතැඟි පරිදි පාලනය කළ ලෝකයේ ඉතාම වයස්ගත රාෂ්ට්‍ර පාලකයාව සිටි අනූතුන් හැවිරිදි රොබට් මුගාබේ ජනපතිවරයා ඉරණමට හිසනමා සිය කැමැත්තෙන්ම පදවියෙන් ඉල්ලා අස්වූයේය.


අනාගත සිම්බාබ්වේ රාජ්‍යය, විභූතිමත් නවෝදයක් කරා ගෙන යෑමේ, අතිභාරදූර වගකීම නව ජනාධිපති, හැත්තෑ පස් හැවිරිදි එමර්සන් මනන්ගාවා පාලන තන්ත්‍රවේදියාට භාරවේ.  සානු.පි.එෆ්. (’්භඹ ඡත්‍) පක්‍ෂයේ නායකත්වයක් දරන නව ජනාධිපතිවරයා නොවැම්බර් 22 වන බදාදා සිට සැණකෙළි, පෙළපාලි සහිතව නව යුගයකට නට නටා යා හැකි අලුත් ජවනිකාවක් සිම්බාබ්වේ රාජ්‍යට උදා කරන්නේය.


 

ඉතිහාසයේ මිල අධිකම චිත්‍රය


මානව ඉතිහාසයෙන් එදා පටන් අදවන තෙක්ම ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන්ගේ කෘතිවලට ඉතාම ඉහළ මිල ලැබෙන්නේය.
චීන - ජපන් දේශවල,  විශිෂ්ට අක්‍ෂර චිත්‍රයට නගන ශිල්පීහු ප්‍රබල කීර්තියක් හිමිවූහ. ඒ අක්‍ෂර චිත්‍ර කලාව “කැලි ග්‍රැෆි” නමින් හැඳින්වේ.


 එහෙත් මීට පෙර අන් කිසිම කලක එක්චිත්‍රයක් උදෙසා නොගෙවන ලද මහා ධනස් කන්දයක් නොබෝදා වෙන්දේසියකදී එක් අගයැති නිර්මාණයකට පිදුනේය.


 නොවැම්බර් මස 15 වනදා නිව්යෝක්හි ක්‍රිස්ටි වෙන්දේසි ආයතනයේදී එක් චිත්‍රයක් සඳහා ඩොලර් මිලියන 450.3 ගෙවන ලදී.
 මේ දැවැන්ත මුදල් කන්දරාව හිමි වූයේ මීට අවුරුදු 500කට පෙර අඳින ලද රූපයකටය.


 එය නිර්මාණය කරන ලද්දේ මහා පුරුෂයාගේ නම ඇසූවිට ඒ කෘතියට ගෙවන ලද මුදල් සම්භාරය ගැන කලා ලෝකය ගැන දන්නා අයටත් විමතියක් ඇති නොවේ.


මේ විශාල ධන ප්‍රමාණය උපයා ගන්නා ලද්දේ ලෙනා්ඩො ඩාචින්චි විසින් කරන ලද චිත්‍රයක් විසිනි. “ඒ චිත්‍රය නම් කෙරෙන්නේ “සැල්වටෝ මුන්ඩි” (ලෝකයේ ගැලවුම්කරු) වශයෙනි. ඉන් නිරූපණය වන්නේ ක්‍රිස්තුන් වහන්සේයි. මෙය පැව්ලෝ පිකාසෝ නම් මහා චිත්‍ර ශිල්පියා විසින් නිර්මිත (ඇල්ජියර්සී කාන්තාවෝ ” නම් චිත්‍රයට 2015 වේදී ගෙවන ලද මුදල මෙන් දෙගුණයක් වේ.
 මේ චිත්‍රය මිලයට ගන්නා  ලද්දේ  කහසින්දුයී ආයතනය විසින් ප්‍රසිද්ධ කරන ලද්දේ නොවේ.


මෙසේ ලෙනාඩෝ ඩාවින්චි විසින් කරන ලද චිත්‍රයට ලොව මෙතෙක් එවැනි නිර්මාණයකට ගෙවන ලද ඉහළම මිල ගෙවන ලද, ඩාවින්චිගේ උපරිම කීර්තිය ලද “මෝනා ලිසා” චිත්‍රයට අලෙවි කෙරුනොත් ලෝකයේ මහ ඉසුරුමතුන්, තරගයක යෙදී ඒ නිර්මාණයට කොපමණ මිලක් ගෙවන්නේදැයි අපට සිතා ගන්නටත් බැරිය. 


 

ණය සඳහා ඇපයක්

සංවර්ධනයෙන් ඉතා ඉහල තැනක නොසිටින එහෙත් මහා සම්පත් රැසක් සතු දේශයක නියෝජිතයෝ සිය රාජ්‍යයේ ප්‍රගතිය උදෙසා විශාල ධන ප්‍රමාණයක් ණයට ගන්නට තිීරණය කළහ.


ඒ ඌන වර්ධිත රාජ්‍යයේ නියෝජිතයන්ට ලොව ප්‍රබලතම මූල්‍ය ආයතනයක ප්‍රධානියා හමුවීමේ වරය ලැබුවේය.


ඔවුහු තමන් ආ කරුණ පැහැදිලිකොට සිය දේශයෛ් දියුණුව සඳහා අවශ්‍ය වන මහා ණය ප්‍රමාණය මූල්‍ය ආයතනය හිමි ධනවතාට දන්වා සිටියහ.


ධනවතා මෙසේ කීයේය. “මහත්වරුනි, මට ඔබ දේශයේ වර්ධනයට ඒ ඔබ  පතන ණය ප්‍රමාණය දෙන්නම් ඉතා සතුටින්ම දෙන්නම් එහෙත් එක්  කරුණක් පැහැදිලි කරන්න ණය සඳහා ඔබ සපයන ඇප කවරේද?”


ඌන සංවර්ධිත දේශයේ නියෝජිත මණ්ඩලයේ නායකයා සිනා සෙමින් මෙසේ කීයේය.


“අපගේ මහ පොළොව යට රන් රිදී, දියමන්ති, ඛනිජතෙල් තැන්පතු බහුලයි. අපගේ පොළොව මතුපිට ඉන්නේ ලෝකයේ ඉතාම ප්‍රතාපවත් අගනා දායකයායි ඇය ප්‍රමාණවත් වේද?”


“ධන හිමියා හිස වැනුවේය. මහත්වරුණි ඔබ සතු පොලොව යට තිබෙන නිධාන පොළොව උඩින් ඔබගේ පොළොව උඩ තිබෙන පුද්ගල නිධානය  පොළොව යටත් තිබෙනවානම් මට වඩාත්ම පහසුයි.” 


 

මුද්‍රිත බයිබලය

ලොව පැරණිම මුද්‍රිත බයිබලය ලොවට දෙන ලද්දේ යොහාන් ගෙන්ස්ෆෙලෂ් ගුටෙන්බර්ග් නම් මුද්‍රණ ශිල්පියාය. ක්‍රිස්තු වර්ෂ 1400 උපත ලැබ 1468 අභාවයට පත්වූ මේ තාක්‍ෂණික විශාරදයා 1455 හේදී බයිබලය මුද්‍රණයකොට ප්‍රකාශ කළේය. මෙය ප්‍රථම මුද්‍රිත බයිබලයයි.


 එය මයින්ස් බයිබලය නමින්ද හැඳින්වේ. ඒ ගුටෙන්බර්ගේ මුද්‍රණ ශාලාව පිහිටි නගරයේ නමයි. මේ පොතේ ජේදවල මුල් අකුරු අතින් පාට කරන  ලදී. පිටු සරසන රූප සකස් කරන ලද්දේ තුනී රන්පත් වලිනි. මෙය පේළි 42කේ බයිබලය නමින්ද හැඳින්වේ. එය සුදු කඩදාසියේ කළු තීන්තෙන් මුද්‍රණය කරන ලද ග්‍රන්ථයකි.


 බටහිර මුද්‍රණ ශිල්පයේ මුල්කාලයේදීත් ආරම්භයේදී ප්‍රකාශ කරන ලද්දේ එම ග්‍රන්ථයයි. බොහෝ රටවල එසේය. 


මෙයට හේතුව නම් ඉතාම ආදි යුගවල පවා ලේඛණ කලාවේ ප්‍රවීණයන් වූයේ ආගමික පූජකවරු හෙයිනි. මිසර ලේඛන කලාව නම් කෙරෙන්නේ පූජක්‍ෂර  වශයෙනි.


 

එලිසබෙත් රැජින පිලිප් කුමරු විවා මංගල්‍යයේ ප්ලැටිනම් ජුබිලිය

සිත පාරන ප්‍රවෘත්ති ප්‍රවාහයන්ට යටවී, ආතතියට නැඹුරු වී සිටින ජගත් සමාජයට සැනසුණු සිතක් සපයන ප්‍රවෘත්තියක් මේ සතියේ පළවූයේය.


එලිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරු සිය විවා මංගල්‍යයෙන් 70 වන වසර නොබෝදා පැවැත්වූහ. 70 වසර උත්සව ප්ලැටිනම් ජුබිලි නම් වේ.


කුමරුගේ අද වයස 96 යි. දෙවන එලිසබෙත් රැජිනට 91 කි.
ලොව පුරා මාධ්‍යවල මේ යුවල මීට 70කට පෙර සිටි ආකාරයත් ඔවුන්ගේ අද හැඩ රුවත් ප්‍රකාශ කෙරුණේය. අත්‍යන්තයෙන්ම සිත තුටුපහටු කරන පුවතකි.

 

ජර්මනියේ චාන්සලර් ඇන්ජලා මර්කල්ට ප්‍රශ්නයක්.

නොබෝදා පැවති ඡන්ද විමසීමෙන්, ජර්මන් චාන්සලර් තැන්පත් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජයගත් නමුත්, අවශ්‍ය තරම් ආසන එතුමියට නොලැබිණි. සභාග ආණ්ඩුවක් සඳහා පැවති සාකච්ඡා ද බිඳ වැටිණි. ජර්මන් රජයේ සභාපති ෆ්‍රැන්ක් වෝල්ටර් ස්ටෙයින්ටේයර් මහතා තවත් සාකච්ඡා පවත්වා බලන්නැයි කීව ද මර්කල් මහත්මිය කියා සිටියේ, තමා ක්ෂණික ඡන්ද විමසීමක් පවත්වන බවත්, එහිදී තමාත් තරගයට එළඹෙන බවත්ය. එනිසා එතුමියගේ දේශපාලන ඉරණම ඉන් විසඳෙනු ඇතැයි එතුමිය සිතුවාය. 


RECOMMEND POSTS

RELATED POSTS