ලෝකයේ උස්ම ප්‍රතිමාව ඉන්දියාවේ



අද ලොව ඉතාම උස් ප්‍රතිමාව වශයෙන් නම් කෙරෙන්නේ චීනයේ වසන්ත සිද්ධස්ථානයේ පිහිටි බුද්ධ රූපයයි. එහි උස ප්‍රමාණය මීටර් 153 කි.


එහෙත් අද ලොව ඒ උසම ප්‍රතිමාවටත් වඩා උසැති ප්‍රතිමාවක් ඉන්දියාවේ තැනෙයි. ඒ ප්‍රතිමාවෙන් පිළිබිඹු වන්නේ ඉන්දියාවේ නිදහස් සටනෙහි වීරයෙකු වූ සර්දාර් වල්ලභායි පතේල් දේශ ප්‍රේමියායි. 


මීටර් 182ක් උසැති ප්‍රතිමාව මේ ඔක්තෝබර් 31 වනදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් උත්සවශ්‍රීයෙන් විවෘත කෙරේ. එවිට අද ලොව උස්ම ප්‍රතිමාව වන මේ නිර්මාණය තැනෙන්නේ රුපියල් කෝටි 2990ක වියදමෙනි.


එහෙත් දැනට සැලසුම් කොට තිබෙන ආකාරයට මේ පතේල් ප්‍රතිමාවටත් වඩා උසැති පිළිරුවක් 2021 දී ඉන්දියාවේ ඉදිවෙයි. ඒ ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ 17 වන සියවසේ සිටි චන්ද්‍රපති ශිවාජි රජුය. ඒ අශ්වාරෝහක පිළිරුවේ උස මීටර් 212යි.


RECOMMEND POSTS