මැද පෙර දිග සිදුවන්නට ගිය යුද්ධයක් වළක්වා ගන



 

 

සමෘද්ධිය යහපත හොඳ සෞඛ්‍යය ධන නිධාන වැනි සෞභාග්‍යට හිතැති දේවල් ලබා ගන්නට අලුත් අවුරුදු උදාව නිසා වරය ලැබේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. මෙය මුළු ලොවටම පූර්ණ මානව සමාජයටම ඉතා පුරුදු පැතුමකි.

2020 අංකය ද සාමාන්‍යයෙන් ශුභ දායකය. කෙනකුගේ ඇස් දෙකේම පෙනුම ඉතා හොඳ නම් ඒ 2020 පෙනුම හැටියට සැලකේ. එහෙත් මේ 2020 නව වසර උදාවේදී සිදු වූයේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි. මෙයට ප්‍රධාන හේතුව වූයේ මානව ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ තරමේ දැවැන්ත ලැව් ගින්නක් අති විනාශකාරී ලෙස ඕස්ටේ්‍රලියාවේ පැතිර යන්නට පටන් ගැනීමයි. ඒ ලැව් ගින්නෙන් සිදුවූ විනාශය සිතා ගන්නට පවා බැරිතරම්ය. ආකාශය රතු පැහැ ගන්වමින් ඒ මහා ලැව් ගින්න විහිද ගියේ මිනිසාට මහා තර්ජනයක් එල්ල කරමින්ය. ජන ජීවිතය අවුල්වී ගියේය. මේ ඕස්ටේ්‍රලියානු ලැව් ගින්න ලෝකයේ තියුණු අවධානයට ලක් වූයේය. ලැව් ගින්න හා සමගම තවත් හානියක් පැතුරුණේය. එය ලැව් ගින්නේ අනිවාර්ය ප්‍රතිඵලයයි. ඕස්ටේ්‍රලියාවේ ලැව් ගින්න හා සමගම දුමාරයක් ද පැන නැංගේය. ප්‍රධාන අන්තරාය වූයේ ලැව් ගින්න වුවත්, ඒ එක්කම හටගත් දුමාරය ද මිනිසාට හානි කර වූයේය. දුමාරය පැතිර ගියේ ශීඝ්‍ර වේගයකිනි. නවීන සන්නිවේදන යුගයට අයත් පණිවුඩ චන්ද්‍රකාවන්හි මේ ලැව් ගින්නේ සහ දුමාරයේත් විකාශනය සටහන් විය. පණිවුඩ චන්ද්‍රිකාවල රූප සටහන්හි දැක්වුණේ ලැව් ගින්න තස්මන් සාගරය හරහා කිලෝ මීටර් 2000 ක් ගමන් කළ බවයි. නවසීලන්තයට ද ලැව් ගින්න දැනුණේය. මේ ලැව් ගින්නේ දුමාරය කොපමණ ඈතට ගමන් කළේ ද කිවහොත් ඒ දුමාරය හට ගත් ස්ථානයේ සිට සැතපුම් 7000 ක් පමණ දුරින් පිහිටි චිලී සහ ආජෙන්ටිනා රාජ්‍යයන්හි පණිවුඩ චන්ද්‍රිකා වලට ද ඒ ලැව් ගිනි දුමාරය සටහන් විය. ලැව් ගින්නට අසුවූ ඇතැම් වන ගහන පෙදෙස් දුම් දමන, අඟුරු සහිත අපායවල් බවට පත්වී යැයි විශේෂඥයෝ කියති.

මේ ලැව් ගින්න නිසා සිදුවූ විනාශයේ තරම හරි හැටි ගණන් බලා නොමැත. එහෙත් මිනිස් නිවාස 1800ක් පමණ ඉන් නැතිවී ගොස් යැයි වාර්තා වන්නේය. ගිනිගෙන දැවී ගිය පෙදෙස් වල ප්‍රමාණය හෙක්ටෙයාර අසූ ලක්ෂයක් පමණ යැයි ගණන් බලා ඇත්තේය. ඒ බිම් ප්‍රමාණය අයර්ලන්තයට හෝ දකුණු කැරලයිනාවට හෝ සමාන යැයි විශේෂඥයෝ පවසති. අතිශය දුර්ලභ සත්ව වර්ගයෝ ද ඒ ලැව් ගින්නට අසුවූහ. මානව හිතවාදී ඇතැම් උදවිය ඒ ලැව් ගින්නට අසුවූ ඇතැම් සත්ව වර්ග බේරාගෙන ඔවුන්ට සාත්තු කරන්නට ද ඉදිරිපත් වූහ. එසේ බේරාගනු ලැබූ දුර්ලභ කොආලා පැටියකුගේ රූපය ද ලොව පුරා ප්‍රචාරය විය. නිසි වේගයෙන් දිවගෙන ගොස් පණ බේරා ගත හැකි ඇතැම් ජීවිත ද මේ ලැව් ගින්නට මූණ පා දිවි ගලවා ගත්හ. ලැව් ගින්න නිසා හට ගත් ඇතැම් සිද්ධි අපගේ අවධානයට ද ලද යුතු වේ. මේ ලැව් ගිනි විනාශය පිළිබඳ සිද්ධියේ දී ශ්‍රී ලංකාවේ අප විසින් විශේෂ බැල්මකින් මේ ව්‍යසනය දැකිය යුතු වේ. ශ්‍රී ලංකාවාසීහු දිගු කලක ඉතිහාසය මුළුල්ලේ සාමකාමී සුහද සහජීවනයෙන් වාසය කරන්නට පුරුදුවී සිටිති. මේ නව වසර උදා වන මොහොතේදීත් අප විසින් දේශයේ ඒ සුන්දර අතීතය සහ එහි ලක්ෂණයන් ක්‍රමානුකූලව මෙනෙහි කළ යුතු වන්නේය. අපේ මේ විචිත්‍ර සංස්කෘතියෙහි ඇතැම් විශිෂ්ට තැන්, විදේශික විද්වතුන් විසින් පවා වාර්තා කොට ඇත්තේය. එක් බි්‍රතාන්‍ය ජාතිකයෙක් අපගේ තැන්පත් ජන ජීවිතයෙහි එක්තරා පක්ෂයක් ආශ්‍රිතව අතිශය ළගන්නා කරුණක් ඉදිරිපත් කරන්නේය. ඔහු විසින් දන්නා ලද එක චාරිත්‍රයක් ඔහු විස්තර කරන්නේ මෙසේය.

ඉපැරණි සිංහල ගම්මානවල සාමාන්‍ය වශයෙන් රෑට ආලෝක දැල්වෙන්නේ නොවේ. මාතාව සිය දරුවා නළවන්නේ අඳුරු කාමරයේයි. මාතාව සිය දරුවාට කතාවක් කියන්නීය. දරු පැටියාත් මව විසින් පැවසෙන ඒ නැලවිලි කතාවට පිළිතුරු දෙන්නේය. දරුවා පිළිතුරු දෙන්නේ හුම් කියමිනි. දරුවාට නින්ද ගිය විට ඔහු හූම් යැයි කිම නවතී. තම දරු පැටියා නිදි බව දැන, මව ඔහු උණුසුම් කරන්නීය. උණුහුම් කරනවාය කියන්නේ නිදන තැන තැබීමයි. මෙය එදා මේ දේශයේ පැවති සරල එහෙත් අතිශියන්ම සිත සනසන ගැමි සිරිත් මාලාව අතුරින් එකකි. මෙවැනි අප්‍රසිද්ධ මානව චාරිත්‍රයක් මෙසේ වාර්තා කරනු ලැබුවේ තමන්ට සුපුරුදු දෙයක් අත් විඳගත් විදේශිකයකු විසිනි. එසේ වුවද අප දිනපතාම දන්නා දහසක් දේ එසේ වාර්තා වෙන්නේය. එයට හේතුව ඒවා අපට අමුතු දේ නොවීමයි. අමුතු සිද්ධි වශයෙන් අප සිතෙහි ඒවා සටහන් නොවීමයි. නව වසර ආරම්භයේදී මේ දේශයේ අප විසින් ඉතා දැඩි ලෙස තීරණය කොට ගත යුතු වන්නේ අපගේ ඒ අසහාය සංස්කෘතියෙහි සුවිශේෂී අංගෝපාංග නැතිවී යෑම වළක්වනු පිණිස ප්‍රබල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමයි. මෙය 2020 උදාවේ ප්‍රබල ජාතික කැපවීමක් වන්නේමය. එවැනි පෘථුල මහා සංස්කෘතික මෙහෙයක් සඳහා අපගේ මේ ශ්‍රේෂ්ඨ දේශය දැනටමත් ප්‍රමාද වුණා වැඩි යැයි අපට දැනෙන්නේය. මෙවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සාධක සාක්ෂි නිදර්ශන ආදියෙන් බහුතරයක් දැනටමත් විනාශවී ගොස් හෙයිනි. පණ්ඩුකාභය රජු සමයේදී පැවති ඇතැම් උත්සව ආදිය පිළිබඳ වාර්තා අපගේ වංශ කතා වල සඳහන් වේ. එහෙත් එවායේ ස්වභාව හරි හැටි දැන ගැනීම අපහසුය.

මක්නිසාදයක් ඒවා පිළිබඳ විස්තර කිසිවෙකු විසින් වාර්තා නොකිරීමයි. අද යුගයේදී නම් විවිධ සංස්කෘතික ඓතිහාසික පුරා විද්‍යාත්මක වැනි දේ පිළිබඳ විස්තර, මුද්‍රිත විද්‍යුත් ආදි මාධ්‍ය විසින්, ඉතා පෘථුල ලෙස වාර්තා වන්නේය. මෙය අපගේ සංස්කෘතික නිධාන රැක ගන්නට මහඟු මෙහෙයකි. එහෙත් නවීන යුගයේ ඉතා මෑතක දී ජාත්‍යන්තර භාවිතයට ආ වචනයකට අයත් වූ පුදුම ඉරණමක් නොබෝදා විස්මය උපදවන පරිද්දෙන් ප්‍රකාශයට පත් විය. වචනය බ්‍රේක් සිටි ය. ඉන් අදහස් කෙරුණේ බි්‍රතාන්‍යය, යුරෝපා සංවිධානයෙන් වෙන් වීමේ සිද්ධියයි. අපි ද ඒ වචනය .ඊරුංසඑ. (බ්‍රෙක්සිට්) මේ ලිපි පෙළේදී බහුලව භාවිත කළෙමු. ඒ කෘත්‍රීම පදය, භාවිතයට අවුත් අවුරුදු හතරක් වත් ගත වුණේ නැති තරම්ය. එහෙත් ඉතාම අලුත් පුවත නම් එවැනි සුළු කලකින් පසුව, ඒ පදය භාවිත කිරීම තහනම් කෙරෙන බව බි්‍රතාන්‍යය රජය විසින් නොබෝදා දන්වා සිටීමයි. මීට පසුව එංගලන්තය, යුරෝපා සංවිධානයෙන් වෙන් වීම ගැන කොන්දේසි නැත. වෙන් වීම පිළිබඳ මත භේද ආදියක් ද නොමැත්තේය. බි්‍රතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් මහතා විසින් ඉදිරිපත් කරන ලද වෙන්වීමේ ක්‍රමාවලිය කවුරුත් පිළිගනිති. ඒ අනුව බි්‍රතාන්‍යයට යුරෝපා සංවිධානයෙන් වෙන් විය හැකිය. වෙන් වන දිනය 2020 ජනවාරි 31 වෙන් වන ගමන්ම ඒ වෙන්වීම සඳහා භාවිත වූ බ්‍රෙක්සිටි නම් පදය ද තහනම් කෙරේ. මෙය විස්මය දනවන්නකි. මීට පසුව ඒ ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ ටාක්ස්ෆේස් යුරෝප් වශයෙනි. (විශේෂ යුරෝපීය වැඩසටහන) මේ වෙන්වීමෙන් පසුව, බි්‍රතාන්‍යය විසින් නව හිතවතුන් අලුත් සහකාරයන් නොයෙක් ගනුදෙනුකරුවන් සොයා බලන්නටත් බොහෝ සේ ඉඩ ඇත්තේයි මම පෙර කීවෙමි. එහිදී ශ්‍රී ලංකාවට ද අවස්ථාවක් ලැබෙන්නටත් ඉඩ කඩ පහළ විය හැකි යැයි සිතේ. උදාවන 2020 නව වසර ආශ්‍රිත එවැනි විස්මය උපදවන සිද්ධි වාර්තා කෙරෙන ගමන්ම විශේෂ වාසනාවක ප්‍රවෘත්තියක් ද සඳහන් කිරීම අතිශයින්ම උචිතය. 2020 උදාවේදී ඒ වාසනාව පහළ වූයේ ශ්‍රී ලංකාවේ අපටයි. ඒ කතාව මෙසේය. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ, සී.එන්.එන්. නම් මාධ්‍ය ආයතනය ලෝක ප්‍රසිද්ධය. සී.එන්.එන්. යන්නෙන් හැඟෙන්නේ කේබල් නිව්ස් නෙට්වර්ක් යන්නයි. මේ මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාර පිළිබඳ විශේෂඥයා ජගත් කීර්තිමත් ලේඛකයෙකි. ඒ විශේෂඥයා නම රිචඞ්ත් වෙස්ට්ය. යම් කිසි දේශයක් පිළිබඳව, රිචඞ් වෙස්ට් සංචාරක විද්වතා විසින් ගුණ ගැයීමක යෙදේ නම් එවැනි ප්‍රකාශයක අගය කිව නෙහෙන තරම් වටනේය.

මක්නිසාදයත් ලොව පුරා ප්‍රධාන පෙළේ සංචාරක ව්‍යාපාරත්, ජගත් සංචාර පිළිබඳ තොරතුරු සොයන සංචාරකාමී ජනතාවත් රිචඞ් ක්වෙස්ට් විසින් සංචාර පිළිබඳ කෙරෙන ප්‍රකාශ සලකනු ලබන්නේ ශුද්ධ භාෂිතයක් වශයෙන් හෙයිනි. රිචඞ් ක්වෙස්ට් සංචාරක විශේෂඥයා සිය අදහස් පළ කරන්නේ ප්‍රබල වගකීමක් සහිතවයි. නොබෝදා ශ්‍රී ලංකාවේ පෘථුල සංචාරයක යෙදුණු රිචඞ් ක්වෙස්ට් විශේෂඥයා අපගේ මේ දේශය ජාත්‍යන්තර සංචාරයක යන්නට ස්වර්ණ භූමියක් වන ආකාරය ව්‍යක්ත ලෙස ගෙන හැර දක්වන්නේය. රිචඞ් ක්වෙස්ට් විශේෂඥයා ශ්‍රී ලංකාවේ සංචාරක ආරක්ෂණ ක්‍රමවත් ලෙස විවරණය කරන්නේය. ඔහු ශ්‍රී ලංකාව ගැන මෙසේ කියා සිටී. ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ තේ අපනයන රාජ්‍යයකි. ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ පෙදෙස් ඉතා පෘථුල ලෙස විහිදෙන්නේය. පා ගමනින් කෙරෙන විනෝද චාරිකා සඳහා අවස්ථා බහුලය. පෞරාණික පුරා විද්‍යාත්මක බිම් පෙදෙස් අසීමිතය. මේ දිවයින විසින් මෑත සමයේ දී ත්‍රස්තවාදී බලවේග අභීතව යටපත් කොට ඇත්තේය. එසේම ශ්‍රී ලංකාව විසින් ස්වභාවික ව්‍යසන ද සහමුලින්ම පාහේ ඉවත් කොට නිමා කෙරිණි. මේ දේශය ශීඝ්‍ර වේගයෙන් දියුණුවන රාජ්‍යයක් බවට පත් වෙමින් සිටී. සී.එන්.එන්. (කේබල් නිව්ස් නෙට්වර්ක්) ආයතනයෙන් රිචඞ් ක්වෙස්ට් ශ්‍රී ලංකාවේ වර්තමාන සංචාරක අගනාකම් සොයා බලමින් නගර ගම්මාන ආදියේ හැසිරුණේය. අගනුවර කොළඹත්, නාගරික වීථිත් සොයා බැලූ රිචඞ් ක්වෙස්ට්, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට ද ගියේය. රිචඞ් ක්වෙස්ට් ජාත්‍යන්තර සංචාරක විශේෂඥයා අපගේ දේශය, මෙසේ සංචාරක ස්වර්ණ භූමියක් සේ සලකන්නේය. රිචඞ් ක්වෙස්ට් විවරණය, ශ්‍රී ලංකාව විසින් නව වසරේදී ලද මාහැඟි තිළිණයකි. අපට 2020 දී උදා වූ වාසනාවක්. සංචාරක ව්‍යාපාර හා සම්බන්ධ අය පමණක් නොව මේ දේශයේ හැමෝම මේ උපහාරය ගැන සතුටු විය යුතුය. 2020 වර්ෂයේ උදාවේදී ලොව මුළුල්ලේම එක්තරා වියත් පැවැත්නේය. ඉරාක ඉරාන දේශ වල සටන්කාමී ගතියක් පළවූයේය. යුද කලකෝලාහාල බහුල සමයකුත්, මේ දැවැන්ත ලැව් ගින්න හා සමග ලෝකයටම දැනෙන්නට පටන් ගනී දැයි ජගත් මට්ටමේ මහා සැකයකුත් තිබුණේය.

එහෙත්, ප්‍රශස්ත සාමකාමී පියවරක් ගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කියා සිටින්නේ තමා ඉරාණය හා සමග යුද්ධයකට එළඹීමෙන් වැළකී සිටින බවයි. මෙවැනි අති සාමකාමී ප්‍රකාශයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විසින් ලොව අමතා කියා සිටීම එතුමා විසින් 2020 දී සාම තිළිණයක් මුළු මහත් මානව වංශයටම පිරිනැමීම වැනිය. 2020 ආරම්භයේදී මේ ලිපිය ලිවීමේ ප්‍රධාන හේතුවක් වන්නේ, ශ්‍රී ලංකාවේ අප දේශයක්, ජාතියක් එකම ජන කණ්ඩායමක් වශයෙන් එකතු වී අපගේ ජන සංස්කෘතිය පිළිබඳ ඉතිහාසය ග්‍රන්ථාරූඪ කරන්නට නව වසරේදී අධිෂ්ඨාන කොට ගත යුතු යැයි නිහතමානීව කියා සිටීමයි. 2020 නව වසර, ලොව හැමට සාමකාමී සුහද සහජීවනක් සඳහා මං පාදන ස්වර්ණමය අවස්ථාවක් වේවා.

 


සර් ආතර් කොනන් ඩොයිල්ගේ රහස් පරීක්ෂක නව කතා

ලෝකයේ පැරැණි පත පොත

 

රහස් පරීක්ෂක නව කතා, පාඨක ලෝකය ඉතා ප්‍රිය කරන, සාහිත්‍යය නිර්මාණ විශේෂයකි. සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද රහස් පරීක්ෂකයා ෂර්ලොක් හෝම්ස්ය. සර් ආතර් කොනන් ඩොයිල් (1859-1930) බි්‍රතාන්‍යය ජාතික ලේඛකයෙකි. ඔහු සිය ශාස්ත්‍රීය අධ්‍යාපනය කරගෙන ගියේ වෛද්‍ය වෘත්තිය උදෙසායි. එහෙත් ආර්ථික අඩුපාඩුකම් නිසා ඔහුට සිය අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යා හැකි නොවීය.

ඒ හේතු කොට ගෙන ඔහුට වෛදය වෘත්තිය අධ්‍යාපනය අතරමඟ නවත්වා, ලේඛන කලාවට යොමු වන්නට සිදු විය. ලේඛකයකු වශයෙන් ඔහු විසින් කරන ලද ප්‍රථම සාහිත්‍යය කෘතිය “ස්ටඩි ඉන් ස්කොලට්” (1887) ය. (“රක්ත තේමාව” යන අරුත) ජගත් කීර්තියට පාත්‍ර වූ සුවිශිෂ්ඨ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් ප්‍රථම වරට සඳහන වන්නේ ඒ කෘතියේයි. ෂර්ලොක් හෝම්ස්ගේ නිගමන ගැන තැන්පත් ලෙස ප්‍රශ්න කරන ඔහුගේ මිත්‍ර ඩොක්ටර් වොට්සන් ද ප්‍රථම වරට සඳහන් වන්නේ ඒ පොතේය. ආතර් කොනන් ඩොයිල් ලේඛකයා විසින් ෂර්ලොක් හෝම්ස් සහ ඩොක්ටර් වොට්සන් ද නිර්මාණය කරන්නේ, සැබෑ ජීවමාන චරිත මෙනි. ඔවුන් එක්තරා නිශ්චිත ස්ථානයක පදිංචි වී සිටි ආකරයෙන් සර් ආතර් කොනන් ඩොයිල් ඒ චරිත නිර්මාණය කළේය. ඔවුන්ගේ නිවාසය පිහිටියේ බේකර් වීදියේයි. ෂර්ලොක් හෝම්ස් කතා කිහිපයක් ප්‍රකාශ කිරීමෙන් පසුව සර් ආතර් කොනන් ඩොයිල්ට සිතුණේ ෂර්ලොක් හෝම්ස් චරිතය නිමා කරන්නටයි. එහෙත් පාඨකයෝ එයට ඉඩ නොදුන්හ. කොනන් ඩොයිල් ලේඛකයා ද ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා වලට වඩා කැමැත්ත දැක්වූයේ, ඓතිහාසික නව කථා ලියන්නටයි. කොනන් ඩොයිල් විසින් විරචිත එක් ඓතිහාසික නව කතාවක් නම් ‘ද වයිට් කම්පනි’ (ධවල කණ්ඩායම) යන්නයි. ෂර්ලොක් හෝම්ස් චරිතය, ලොව පුරා බොහෝ ලේඛකයන් විසින් ආදර්ශයට ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ පියදාස සිරිසේන ලේඛකයා කෝන්ගොඩ වික්‍රමපාල නම් චරිතය නිර්මාණය කළේ ෂර්ලෝක් හෝම්ස්ගේ චරිතයට හුරු පුද්ගලයකු විලසිනි. තරමක් විස්මය දනවන කරුණක් නම් සිංහල ලේඛකයන් බහුල වශයෙන් ෂර්ලොක් හෝම්ස් කතා සිංහලයට අනුවාදය නොකිරීමයි. 2020 වර්ෂය ආශ්‍රිතව ලියූ මේ ලිපියේදී අප විසින් ඉතා ඕනෑකමින් මතක් කොට දිය යුතු ප්‍රධාන කරුණ නම් යුදකාමී ගතියෙන් සිටි ලෝක නායකයන්, සාමයට සුහද සහජීවනයට වරය සපයා දෙමින්, සුපිරි සත්පුරුෂ ගුණයක් මෙවර ප්‍රදර්ශනය කළ බවයි. ලොව බොහෝ පෙදෙස්වල සිදු වූ ස්වභාවික ව්‍යසන ගැන ඇසීම පවා කම්පාදායීය. ඕස්ටේ්‍රලියාවේ ලැව්ගින්නෙන් වන සතුන් කෝටි 200 ක් පමණ විනාශ වූහ. ඕස්ටේ්‍රලියාවේ කොකටූ කොආලා වොම් බැට් ආදී සත්තු ද ලැව් ගින්නට ගොදුරු වූහ. ලෝකයේ ප්‍රධාන නගර වල ප්‍රසිද්ධ ස්ථාන වල රැස් වන ජන සමූහයා යුද්ධයෙන් වළකින්න යැයි ලොවට කියා සිටිති. මෙය අති ප්‍රශස්ත ක්‍රියාවකි. ඉතාම අභීත ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යුද්ධයෙන් වලකින්නැයි පවසමින් සාමයට, සහාය සපයන්නේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සාමයට නැඹුරු වීම මානව වංශයේ මහා වාසනාවකි.

 

 

 



RECOMMEND POSTS