‘රොබෝ කොප්ලා’ ඩුබායි පොලිසියේ



ලබන මාසයේ සිට රොබෝ පොලිස් නිලධාරීන් සේවයේ යෙදවීමට ඩුබායි පොලිස් බලධාරීන් තීරණය කර ඇති අතර පළමු පොලිස් නිලධාරියා තම සේවය අරම්භ කරනු ඇති බව අරාබියන් බිස්නස් වෙබි අඩවිය වාර්තා කලේය.

රොබෝ පොලිස් නිලධාරීන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් 2015දී අදහසක් ඉදිරිපත් වී තිබූ බව ඩුබායි පොලීසිය පවසයි.

රොබෝගේ පපුවේ සවිකර ඇති තිරය සහ මයික්‍රෝෆෝනය හරහා ඩුබායි පොලිස් ඇමතුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ වන අතර එමගින් ජනතාවට තම ගැටළු සහ අපරාධ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට හැකියාව ලැබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ භාෂා කීපයකින් සන්නවේදනය කිරීමේ හැකියාව, දඩ මුදල් ගෙවීම සහ පොලීසියට ලබාදිය යුතු ලිපි ලේඛන ඉදිරිපත්කිරීමට ජනතාවට අවස්ථාව ලැබීමයි.

2030දී ඉදිකරනු ලබන පළමු ඩුබායි ස්මාර්ට් පොලීසියේ රොබෝ පොලිස් නිලධාරීන් පමණක් දැකගත හැකි බව ඩුබායි පොලිස් ස්මාර්ට් සේවා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් කලීඩ් අල් රෂූකි කියා සිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
අරාබියන් බිස්නස් පුවත් ඇසුරෙන්


RECOMMEND POSTS