හුවාවි සමාගමෙන් සහතිකයක්



ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත.

ඔවුන්ගේ ප්රධාන ගෝලීය හවුල්කරුවකු වන Huawei සමාගම සිය පරිශිලකයින්ගේ සහ තාක්ෂණික කර්මාන්තයේ යහපත උදෙසා  විවෘත මෙහෙයුම් පද්ධති සමග සමීපව කටයුතු කර තිබේ. දැනට සිය පරිශීලකයින් විසින් භාවිතා කරනු ලබන සහ විකිනීමට සුදානම් කර ඇති සියලු Huawei ජංගම දුරකථන සහ ටැබ්ලට් සදහා සියලු  ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහ අලෙවියෙන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබා දීමට සමාගම කටයුතු කර තිබේ.

තවද ගෝලීයව සියලු පරිශීලකයන් සඳහා ඉතා හොද අත්දැකීමක් ලබා දීම සඳහා ඉදිරියේදී Huawei සමාගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනගනු ඇත. ශ්රී  ලංකා වෙළදපල තුළ දැනට පවතින Huawei ස්මාර්ට්ෆෝන් සඳහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවට Huawei සමාගම සහතික වේ.


RECOMMEND POSTS