සෞදියේ දැවැන්ත විනෝද උයනක්



විනෝදස්වාදය විදිය හැකි ඉතා විශාල නගරයක් නිර්මාණය කරන බව සෞදි අරාබි රාජ්‍ය නිවේදනය කල බව අරාබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කලේය.

ඉදිකරනු ලබන නගරය තුල සංස්කෘතිකාංග, ක්‍රීඩා, විනෝදාස්වාද ජනක අංග සහ සෆාරි ප්‍රදේශයක් ඇතුලත් වන අතර ව්‍යාපෘතිය සදහා තවමත් නමක් යෝජනාවී නොමැත.

රියාද් හි නිරිත දිග ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 334ක් ප්‍රදේශයක් තුලනගරය ඉදිකරනු ලබයි.

ව්‍යාපෘතිය සදහා වැයවන මුළු ඇස්තමේන්තු ගත මුදල හෙළිකර නොමැති අතර අරමුදල් සපයනු ලබන්නේ රාජ්‍ය ආයෝජන අරමුදලෙන් සහ දේශිය මෙන්ම විදේශිය ආයෝජකයින් බවසෞදි නියෝජ්‍ය ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් ප්‍රකාශ කලේය.

ව්‍යාපෘතියේ වැඩකටයුතු 2018 මුල්භාගයේදී ආරම්භ වීමට නියමිත අතර 2022දී අවසන් කිරීමට සැළසුම් කර ඇත.

අනාගත පරපුරේ විනෝදාස්වාදය වැඩිදියුණු කරමින් රටේ සංස්කෘතික සහ සමාජ අවශ්‍යතාවයන්ට ගැලපෙන ප්‍රමුඛ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට මෙම නගරය පත්කිරීම මෙවැනි නගරයක් ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ බව මොහොමඩ් කුමරු ප්‍රකාශ කලේය.

ජනක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS