සෞදියෙන් ආධාර



පාකිස්තානය මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ, ඊට පිළියමක් ලෙස තමන් ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක මුදල් ආධාර, වසරක කාලයක් පුරාවට පාකිස්තානයට ලබා දීමට තීරණය කළ බව සෞදි අරාබිය කියයි.

සෞදිය මෙසේ පාකිස්තානයට මුදල් ආධාර ලබා දීමට කැමැත්ත පළ කළේ රියාද් නුවර පැවැත්වෙන ආයෝජන සමුළුවේදීය. මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිදුවීම මුල්කොට ගනිමින් විදෙස් ආයෝජකයන් සහ රාජ්‍ය නායකයන් මෙම සමුළුව වර්ජනය කර තිබේ.

කෙසේ නමුත් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින හෙයින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ රජයේ නියෝජිතයෝ කණ්ඩායමක් සමුළුවට සහභාගී වීමට රියාද් නුවරට ගොස් සිටිති.

(අල් ජසීරා)


RECOMMEND POSTS