සෞදි ගුවන් සීමාව පසුකරමින් ඊශ්‍රායලයට



තම ගුවන් කලාපය භාවිතා කරමින් ඊශ්‍රායලය බලා පියාසර කිරීමට මගී ගුවන් යානාවලට අවසර දීමට, සෞදි රජය තීරණය කිරීමත් සමඟ, ඉන්දීය ජාතික ගුවන් සේවය වන ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවය නවදිල්ලියේ සිට සෞදිය හරහා ටෙල් අවීව් තෙක් ගුවන් ගමන් ආරම්භ කළේය.

සෞදි ගුවන් සීමාව හරහා ඊශ්‍රායලයේ ටෙල් අවීව් බෙන් ගුරියෝන් ගුවන්තොටුපොළ බලා පැමිණි මංගල එයා ඉන්දියා ගුවන් යානය මහත් හරසරින් පිළිගැනීමට ඊශ්‍රායල බලධාරීහු කටයුතු කළහ.

සෞදි අරාබිය සහ ඊශ්‍රායලය අතර මතභේද පවතී. ඉස්ලාම් දහමේ උපත සිදුවුණු සෞදිය, ඊශ්‍රායලය පිළිගන්නේ නැත.

කෙසේ නමුත් සෞදිය සහ ඉරානය අතර පවතින මත ගැටුම් හමුවේ, ඊශ්‍රායලය සෙමින් සෞදිය සමඟ මිතුදම් ආරම්භ කර තිබේ. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු රහසේ ඊශ්‍රායලයේ සංචාරය කළේ යැයි පසුගිය කාලයේ වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS