සේවා සහ භාණ්ඩ මිල 4.2% ඉහළට



2018 ජුනි මාසය තුල ගල්ෆ් කලාපයට අයත් රටවල්වල පාරිභෝගික සේවා සහ භාණ්ඩ මිල 4.2%කින් ඉහළ ගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් සංඛ්‍යාලේඛණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

දුම්කොළ 20%, ප්‍රවාහනය 9.4%, හෝටල් සහ ආපනශාලාවල මිල ගණන් 5.9%, ආහාර 3.7%, අධ්‍යාපනය 2.9%, සෞඛ්‍ය 2.5%, ගෘහ භාණ්ඩ 2.0%, ඇඳුම් සහ සපත්තු 1.3%, සන්නිවේදය  සහ අනිකුත් 2.1%කින්ජුනි මාසය තුල ඉහළ ගොස් ඇත.

2018 ජුනි මාසයෙන් අවසන් වු වර්ෂයක කාලය තුල දුම්කොළ 0.2%, ප්‍රවාහනය 1.5%, හෝටල් සහ ආපනශාලාවල මිල ගණන් 0.5%, ආහාර 1.0%, අධ්‍යාපනය 0.3%, සෞඛ්‍ය 0.1%, ගෘහ භාණ්ඩ 0.2%, ඇඳුම් සහ සපත්තු 0.1%, සන්නිවේදය  සහ අනිකුත් 0.2%කින්ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS