සුළං බල ව්‍යාපෘතියක්



සෞදි අරාබිය ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වටිනා සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනකෙරෙන ව්‍යාපෘතියක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ලෝකයේ ඉහළම තෙල් අපනයනකරුවෙක් ලෙස බලශක්ති ක්ෂේත්‍රය විවිධාගීකරණයට ලක් කර විදුලි බලය උත්පාදනය කිරීම සඳහා ව්‍යාපෘතිය ඉදිකිරීමට කටයුතු කරයි.

සෞදි අරාබියේ උතුරු අල් ජූෆ් පළාතේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර “දුමට් අල්-ජන්දල්’’ ලෙස ව්‍යාපෘතිය නම් කර ඇත.

අදාල ව්‍යාපෘතිය මඟින් මෙගා වෙට් 400ක විදුලි බලයක් උත්පාදනය කරන අතර නිවාස 70,000කට විදුලි බලය ලබාදීමට අපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS