සහයෝගිතාව වෙනුවෙන් චීනයට යයි



ඕමානය සහ චීනය අතර සහයෝගිතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් ඕමාන් විදේශ කටයුතු අමාත්‍ය, යුසුෆ් බින් අලවි බින් අබ්දුල්ලා චීනයට ගොස් ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

චීන විදේශ කටයුතු අමාත්‍ය, වෑන්-යී හමු වී ඕමාන්-චීන සහයෝගිතාවය වර්ධනය කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර සංචාරක කර්මාන්තය, ආයෝජන සහ තාක්ෂණික යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.

චීනයෙන් ලබාදෙන සහයෝගය ඉතා අගය කොට සලකන බව චීන-අරාබි රාජ්‍ය සහයෝගීතා සංසදයේ 8 වන අමාත්‍ය සමුළුව අමතමින් ඕමාන් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

තමන්ට කළ හැකි උපරිම ආකාරයෙන් ඕමානයට උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වන බව චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඕමාන් විදේශ කටයුතු අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS