සංචාරකයන්ගේ පැමිණීම ඉහළට



ඕමානයේ කෞතුකාගාර නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ 23% ඉහළ ගොස් ඇති බව ඕමාන සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

සෑම වර්ෂයකම මැයි 18වන දිනට යෙදෙන ලෝක කෞතුකාගාර දිනය නිමිතෙන් ඕමාන සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව අදාල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

කෞතුකාගාරවල ඇති වටිනාකම සහ සංස්කෘතිමය වැදගත්කම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා ලෝක කෞතුකාගාර දිනය ප්‍රකාශයට පත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS