ශීත කළ ආහාර ටොන් 584 ක් රටවල් තුනකට



කොරෝනා ව්‍යාප්තිය නිසා මෙරට අපනයන ක්ෂේත‍්‍රයේ පවතින අසීරුතා මධ්‍යයේ වුවද පසුගිය මාස දෙක තුළදී මෙරට තේ සහ ශීත කළ ආහාර මෙටි‍්‍රක් ටොන් 584 ක් රටවල් තුනකට අපනයනය කිරීමට රජයට හැකි වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා තේ මෙටි‍්‍රක් ටොන් 344 ක් තුර්කියට ද, මෙටි‍්‍රක් ටොන් 220 ක් ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතර, ශීත කළ ආහාර මෙටි‍්‍රක් ටොන් 30 ක්  ඕමානයට අපනයනය කීරීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා පැවසීය.

විදේශ අමාත්‍යාංශයේ ‘ආර්ථික රාජ්‍යතාන්ත‍්‍රික වැඩසටහන’ , අපනයන සංවර්ධන මණ්ඩලය සහ තේ මණ්ඩලයේ සහයෝගයෙන් මෙම අපනයන සිදු කිරීමට හැකිවූ බද විදේශ කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කීය.

මෙම අමාත්‍යංශය විසින් කරන ලද මැදිහත්වීම් තුළින්, ඉකුත් අපේ්‍්‍රල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අභියෝගාත්මක තත්වයට පිළියම් ලෙස නව වෙළඳපොළවල්  සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම් හා සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප‍්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බවත් විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා පෙන්වා දේ.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS