ශ්‍රමිකයින්ට වාසිදායක රටවල්



කුවේට් රාජ්‍යය විදේශ ශ්‍රමිකයින්ට වාසිදායක රටවල් අතුරින් දාහත්වන ස්ථානය හිමි කර ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩුබායි නගරය එකොළෙස් වැනි ස්ථානයටත්, දෝහා නගරය පහළොස් වැනි ස්ථානයටත්, අබුඩාබි නගරය දහසය වන ස්ථානයත්, රියාද් නගරය විසි දෙවැනි වැනි ස්ථානයටත් හිමි කරගැනීමට සමත් වී ඇත.

රටවල් 159ක විදේශ ශ්‍රමිකයින් 28,000ක් යොදාගෙනසමීක්ෂණය සිදුකර ඇති අතර කුවේටය තුල ජීවත් වන එක් විදේශ ශ්‍රමිකයෙකු සාමාන්‍යයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 123,000ක් උපයන සොයාගෙන ඇත.

ඉන්දියාවේ මුම්බායි නගරයේ ජීවිත්වන විදේශ ශ්‍රමිකයෙක් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 217,165ක් උපයන බව සමීක්ෂණයෙන් හෙළි කරගෙන ඇත.

ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් හතරවන ස්ථානය හිමිකරගැනීමට කුවේට් රාජ්‍යය සමත් වී ඇති අතර පළමු ස්ථානය ඩුබායි නගරයටත්, දෙවන ස්ථානය දෝහා නගරයටත්, තුන්වන ස්ථානය අබුඩාබි නගරයටත්, පස්වන ස්ථානය රියාද් නගරයටත් හිමි වී ඇත.

ගල්ෆ් කලාපයේ වාර්ෂික සාමාන්‍ය ආදයම(නගර අනුව):

 ඩුබායි (ඇ:ඩො138,200), දෝහා (ඇ:ඩො 131,400) රියාද් (ඇ:ඩො 116,700) මස්කට් (ඇ:ඩො 113,700) වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS