විශාල මුහුදු ජලපවිත්‍රාගාරයක්



මුහුදු ජලය ඝන මීටර් 281,000ක් දිනකටපිරිසිදු පානීය ජලය ලෙස පවිත්‍ර කළ හැකි ජල පවිත්‍රාගාරයක් නිල වශයෙන් විවෘත කළ බව ඕමාන ජලසම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වසර විස්සක කාලයක් නඩත්තු කටයුතු සහ පවත්වාගෙන යෑම සඳහා ඉදිකළ සමාගම බැඳී සිටින අතර මාස තිහකටත් අඩු කාලයකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වී ඇත.

ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා සමාගම් කීපයක් දායකත්වය ලබාදුන් බවත් ඕමානයේ ඉදි වු විශාලතම ජල ව්‍යාපෘතිය බවත් අඩු විදුලි බලයකින් ක්‍රියාකරවීමට හැකිවීම ජල පවිත්‍රාගාරයේ ඇති විශේෂත්වය බව ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS