විවෘත කිරීමට සුදානම්



ඕමාන් රියාල් බිලියන 1.7ක වියදමින් ඉදිකරන ලද නව මස්කට් ගුවන්තොටුපල ඉදිරි දින කීපයේදී විවෘත කිරීමට සියල්ල සුදානම් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන්තොටුපලේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ස්වෙච්ඡා සේවකයින් 6,200ක් සහභාගි වී ඇති බව වාර්තා වේ.

ගමන්මලු නිසියාකාරව හසුරවන ආකාරය පරීක්ෂා කිරීස සඳහාගමන්මලු 55,000ක් යොදාගෙන ඇති අතර ධාවන පථයේපරික්ෂා කිරීම සඳහා ගුවන් ගමන්වාර 500කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරවා ඇත.

ගුවන්තොටුපලේ ක්‍රියාකාරීත්වයෙන් 75%ක් පරීක්ෂා කර අවසන් වී ඇති බවත් ඉදිරි දින කීපයේදි සියල්ල පරීක්ෂා කර අවසන් කිරීමට හැකි වන බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS