විදේශිය ශ්‍රමිකයින්ට මාසික බද්ධක්



විදේශීය ශ්‍රමිකයින්ගෙන්මාසික බදු මුදලක් අයකර ගැනීමට සෞදි අරාබිය සැළසුම් කර ඇති බව Khaleej Times වෙබ් පුවත්පත වාර්තා කළේය.

බදු අය කර ගැනීම ජුලි 01 දින සිටි ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

සෑම විදේශීය ශ්‍රමිකයෙක්ම මාසිකව සෞදි රියාල් 100ක මුදලක් ගෙවිය යුතු අතර සෞදිය තුල රැදී සිටින විදේශ ශ්‍රමිකයාගේ පවුලේ සාමාජිකයින් බදු මුදල් ගෙවිය යුතු ද යන්න බලධාරීන් තවම නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

2018 වර්ෂයේදී සෞදි රියාල් 200ක්ද, 2019 වර්ෂයේදී සෞදි රියාල් 300ක්ද, 2020 වර්ෂයේදී සෞදි රියාල් 400ක් වන ආකාරයෙන් බදු මුදල් වැඩි වේ.

බොහෝ සමාගම් විදේශ ශ්‍රමිකයාගේ මාසික වැටුපෙන් අදාල බදු මුදල අඩු කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ. 

වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් සෞදි ජාතිකයින්ට ලබා දීමසඳහා බදු මුදලක් අය කර ගැනීමේ මූලික අරමුණ වී ඇති බව වාර්තා වේ.

යම් සමාගමක් සෞදි ජාතිකයින්ට වඩා විදේශ ශ්‍රමිකයින් සේවයේ යෙදවන්නේ නම් එක් විදේශ ශ්‍රමිකයකු වෙනුවෙන් සෞදි රියාල් 400ක මාසික බදු මුදලක් ගෙවිය යුතු වන අතර  2019 වර්ෂයේදී සෞදි රියාල් 600ක්ද,2020 වර්ෂයේදී සෞදි රියාල් 800ක්ද ලෙස වැඩි වේ.

සෞදි ජාතිකයින්ට වඩා විදේශිය ශ්‍රමිකයින් අඩු නම් එක් විදේශ ශ්‍රමිකයකු වෙනුවෙන්සෞදි රියාල් 100ක බදු මුදලක් මාසිකව ගෙවීය යුතු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS