වසර එකහමාරකට පසු ඉහළම තෙල් මිල



 
වසර එකහාමාරකට පසු තෙල් මිල මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. තෙල් මිල දිනෙන් දින පහළ යෑමත් සමඟ තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තෙල් අපනයන කරන රටවල සංවිධානයේ (ඔපෙක්) සහ එම සංවිධානයේ නොවන රටවල් එකඟතාව පළ කිරීමත් සමඟ තෙල් මිල එලෙස ඉහළ ගියේය. ඒ අතරම ඩොලරය ලැබීම් දීර්ඝ කළ බවත් අනුපාත ඉහළ යනු ඇති බවත් පැවසේ. 
තෙල් අපනයන කරන රටවල සංවිධානයේ සාමාජික රටවල් සහ තවත් රටවල් කිහිපයක් මෙලෙස ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට පිවිසියේ 2001 වසරෙන් පසුය. වසර දෙකකට වැඩි කාලයක් තෙල් මිල අඩු අගයවල පැවැතීම නිසා මැද පෙරදිග කලාපයෙත් ලතින් ඇමෙරිකානු රටවල් ආර්ථික අර්බුද මෙන්ම දේශපාලන අර්බුදද ඇතිවිය. 
 
රොයිටර්

RECOMMEND POSTS