වසර 35 පසු සිනමාහල් 30ක්



සෞදි අරාබියේ සිනමා කර්මාන්තයට පනවා තිබු තිස් පස් වසරක තහනම ඉවත් කිරීමෙන් පසු යළිත් වරක් සෞදි සිනමා කාර්මාන්තයේ පිබිදීමක් ඇති කරමින් සිනමාහල් තිහක් වසර තුනක් ඇතුලත ඉදිරිකිරීමටසෞදි අබ්දුල්මෝසන් අල්-හෝකර් හෝල්ඩින් සමාගම ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගමක් වන Vue අන්තර්ජාතික සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

දැනට තිබෙන සිනමාහල් නවීකරණය කරමින් සහ සිනමාහල් කීපයක් අලුතින්ඉදිකිරීමට සමාගම අපේක්ෂා කරයි.

සෞදියේ සිනමාහල් ඉදිකිරීම ලෝක සිනමාවේ අශ්චර්යමත් අවස්ථාවක් බවත් 2018 වර්ෂය තුල පළමු සිනමාහල ඉදිකර ප්‍රදර්ශනය සඳහා විවෘත කරනවා බව Vue අන්තර්ජාතික සමාගමේ ප්‍රධාන විධයක නිලධාරි, ටිම් රිචඩ්ස් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අදහස් දක්වමින් ප්‍රකාශ කළේය‍.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS