වටනියා වැඩ අරඹයි



2011 වර්ෂයේදි ගුවන් මෙහෙයුම් නතර කර දැමු වටනියා ගුවන් සමාගම ජුලි 11දින සිට නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මැදපෙරදිග කලාපයේ ඇති වු ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ගුවන් මෙහෙයුම් නතර කර දැමීමට වටනියා ගුවන් සමාගමට සිදුවිය.

අසර්බයිජාන් අගනුවර වන බකු සහ බොස්නියා සහ හර්සොගොවිනා රජ්‍යයේ අගනුවර වන සරෙයිවේ වෙත ගුවන්ගමන් වටනියා ගුවන් සමාගමමේ සතිය තුලදී ආරම්භ කරන බව වාර්තා වේ.

ගුවන් සමාගම නැවත ආරම්භ කිරීම සඳහා අල්-ටුවයිරි සමුහ ආයතනය කුවේට් ඩිනාර් මිලියන 10ක මුදලක් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසු කුවේට් ඩිනාර් මිලියන 20ක මුදලක් ආයෝජනය කිරීමට සමුහ ආයතනය අපේක්ෂා කරයි.

ඊජිප්තුව,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලෙබනනය, ජෝර්දානය, ඉරානය,ඉන්දියාව,පාකිස්තානය සහයුරෝපය ඇතුළුව ගමනාන්ත 16ක් සඳහා වටනියා ගුවන් සමාගම ඒ320 ගුවන් යානා භාවිතා කරන අතර කුවේට් සහ ජසීරා ගුවන් සමාගම් සමඟ තරඟ කිරීමට වටනියා ගුවන් සමාගමට සිදුවනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS