ලෝක ආර්ථිකයට බලපෑම්



‘කෝවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, ගෝලීය ආර්ථිකයට විශාල ලෙස බලපෑම් එල්ල වී ඇති බව ජගත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වයිරසය ව්‍යාප්ත වීමෙන් පීඩාවට පත් වූ රටවලට සහන සැලැසීමට ලෝක බැංකුව සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් වී සිටින බව ද වාර්තා වේ. ඒ සඳහා සහන ණය ලෙස ඇමෙරිකන් ඩොලර් කෝටි 5,000 ක මුදල් වෙන් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ. මෙම ණය මුදල හිමිවන්නේ වයිරසය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්වුණු රටවලට යැයි ද පැවැසෙයි.

මේ වනවිට ගුවන් ගමන් ක්ෂේත්‍ර සහ සංචාරක ක්ෂේත්‍රය පමණක් නොව, නිෂ්පාද ක්ෂේත්‍රවල ද බිඳ වැටීමක් දකින්න ලැබී ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද පවසා ඇත්තේ වයිරසය හේතුවෙන් ඇමෙරිකන් ආර්ථිකයට බලපෑම් එල්ල වනු ඇති බවය.

මේ අතර වයිරසය ලොව පැතිරීම හේතුවෙන් බලශක්තිය සඳහා ඉල්ලුම අඩුවී ඇත. ලෝක තෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අයුරින් අඩු වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මිල පහත වැටීම වළක්වා ගැනීම අඩු කිරීමට තෙල් නිෂ්පාදනය තවත් අඩු කිරීමට සෞදිය තීරණය කර ඇතැයි පැවැසෙයි. ඒ අනුව, බැරල් මිලියන 1.5 කින් තෙල් නිෂ්පාදනය අඩු කිරීමට පියවර ගැණින. තෙල් මිල ස්ථාවරව තබා ගැනීමට උත්සහ ගන්නැයි සෞදිය සහ රුසියාව තෙල් නිෂ්පාදනය කරන සෙසු රටවලින් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.


RECOMMEND POSTS