ලාගොස් නුවරට අලුත් ගුවන් යානයක්



එටිහාඩ් ගුවන් සමාගම ඩුබායි-ලාගොස් නුවරඅතර ගුවන්ගමන් සඳහා බෝයිං 787-9 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන්යානයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

ගුවන් ගමන් අරඹමින් නව ගුවන්යානය අගෝස්තු 03 දින ඩුබායි නුවරින් පෙ.ව 02.30 පිටත් වී පෙ.ව 07.10ටලාගොස් නුවරට ගොඩබස්සවා ඇත.

“අපි ගොඩක් සතුටු වෙනවා ඩුබායි-ලාගොස් අතර ගුවන් ගමන් සඳහා අලුත් ගුවන්යානයක් යොදවන්න ලැබීම ගැන, නයිජිරියාවේ විශාලතම නගරයට ඇති විශාල ඉල්ලුම සහ ගුවන් මඟීන්ට සුවපහසු ගුවන් ගමනක් ලබාදීමේ අරමුණින් තමයි අලුතින් ගුවන්යානයක් යොදවන්නඅපි තීරණය කළේ.’’ යනුවෙන් එතිහාඩ් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී, රොබින් කමාර්ක් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS