රුපියලේ අගය 204 පසු කරයි



ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය ඊයේ (15)  204 සීමාව ඉක්මවා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය ඊයේ (15) රුපියල් 204.68ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 199.80ක් ලෙසත් දැක්විණි.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.7කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත. 


RECOMMEND POSTS