රන් මිල ඉහළට



තුන්වන ලෝක යුද්ධයක් ඇති වීමේ අවදානම හේතුවෙන් ලෝක වෙළදපොලේ රන් මිල මේවනවිට  මාස 5කට පසු  ඉහළම අගය වාර්තා වී තිබේ.

මේවන විට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල  ඇමරිකානු ඩොලර් 1288 ක් ලෙස සටහන්ව ඇත. එය ඉක්මනින්ම ඩොලර් 1300 සීමාව ඉක්මවනු ඇති බවට විශ්ලේෂකයන් අනාවැකි පළකර සිටී..

විශේෂයෙන් උතුරු කොරියාව සහ ඇමරිකාව අතර, මතුවී ඇති යුධ උණුුසුම මෙම තත්ත්වයට හේතුවී ඇති අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා ජනපති කිම් ජොං අන් අතර පවතින ගැටුම මෙන්ම ඇමරිකාව සහ රුසියාව අතර ද න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවේ යැයි රාජ්‍ය තාන්ත්‍රික අංශ අතර  සැකයක් මතු වී ඇත.

මේ හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිලදී ගැනීමට ආයෝජකයන් පෙළඹී තිබෙන බවද ලෝක කොටස් වෙළඳ පොළ ආරංචි මාර්ග කියා සිටී.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS