රථවාහන දඩවලට වට්ටම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රස් අල්-කයීමා නගරය සීමාව තුල සිදු කරන රථවාහන වැරදි සම්බන්ධයෙන්අයකරන දඩ මුදල්වලට 30%ක වට්ටමක් ලබාදීමට කටයුතු කර ඇති බව රස් අල්-කයීමා පොලිස් ප්‍රධානි, මේජර් ජෙනරාල්, අබ්දුල්ලා බින් අල්වන් අල්-නුඅයිමි ප්‍රකාශ කළේය.

ඔක්තෝබර් 07 දින සිට නොවැම්බර් 01දින දක්වා අදාල වට්ටම ලබාදෙන බව පොලීසිය ප්‍රකාශ කළේය.

රියදුරන්ගේ දඩ මුදල් අඩුකිරීමටත්, සෑම දෙනාම තෘප්තිමත් කිරීමට පොලීසිය කටයුතු කරන බව රස් අල්-කයීමා පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS