රත්‍රන් නගරයක්



කුවේට් නගරය තුල වර්ග මීටර් 100,000ක අති විශාල රත්‍රන් නගරයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව පසුගියදා අනාවරණය කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබාගැනීමට කුවේට් වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශ කුවේට් නගරසභාවට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ප්‍රදර්ශන ශාලා, ස්ථිර ස්වර්ණාභරණ කෞතුකාගාරයක්, වෙන්දේසි පැවැත්වීමට ශාලා පහසුකම්, මැණික් සහ වටිනා ලෝහ ලබා ගැනීමට පහසුකම්, ප්‍රභු ප්‍රවේශ ශාලා, පරිපාලන පහසුකම්, රථගාල්, ස්වර්ණාභරණ පරීක්ෂණාගාර, ස්වර්ණාභරණ නිෂ්පාදන වැඩපොළවල් 1500ක්, අලෙවිසැල් 2000ක් සහ අනිකුත් ශාලා පහසුකම් ඉදිකිරීමට නියමිත අති විශාල ව්‍යාපෘතියට අයත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS