යුරෝපා සංගමයට පැසැසුම්



යුරෝපය ඉදිරියටත් ඉරානය සමඟ ව්‍යාපාර කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ඊට යුරෝපයට ප්‍රංශසා කරන බවත් ඉරාන ජනාධිපති හසන් රොව්හානි පැවැසීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 2015 වසරේදී අත්සන් තබන ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගත් අතර එරට පනවා තිබී ඉවත් කළ සම්බාධක නැවත පැනවීමටත් නව සම්බාධක පැනවීමටත් පියවර ගත්තේය. මේ තත්ත්වය මත යුරෝපා සංගමයේ රටවලට ද බලපෑමක් එල්ල වූ නමුත් ඉරානය සමඟ අඛණ්ඩව ව්‍යාපාර කිරීමට එම සංගමයේ රටවල් තීරණය කළහ.

යුරෝපය ඉරානය සමඟ ඉදිරියටත් ආර්ථික සබඳතා පවත්වාගැනීමට තීරණය කිරීම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එල්ල වන පීඩනය මඟ හරින බව මේ සම්බන්ධයෙන් බී.බී.සී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය මොහොම්මද් ජවාද් සරීෆ් කීය.

ඇමෙරිකා එක්සත් ජනපදය ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් වුවත් යුරෝපා සංගමය සහ ඒ ඊට අත්සන් තබන ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඉන් ඉවත් නොවීය.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS