මිලියන17 ගුවනින් ගිහින්



සෞදි ගුවන් සමාගම ගුවන් මඟීන් මිලියන දාහතකට වඩා වැඩි පිරිසක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ. 

පසුගිය මාස හයක කාලසීමාව තුල ගුවන් මඟීන් පිරිස ප්‍රවාහනය කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තරගුවන් වාර 107,700ක් ක්‍රියාත්මක කර ඇත.

2018 ජනවාරි-ජුනි මාස සමඟ සංසන්දනය කිරීමේදි 2019 ජනවාරි-ජුනි මාස අතර කාලය තුල සමස්ථ ගුවන් මඟීන්ගේ සංඛ්‍යාව 7%කින් වර්ධනය වී ඇති අතර සංඛ්‍යාත්මකව මිලියන 1.5කින් ඉහළ ගොස් ඇත.

2020 වර්ෂය අවසන් වනවිට සමස්ථ ගුවන්යානා සංඛ්‍යාව 200 දක්වා වැඩි කර ගුවන් මෙහෙයුම් වැඩිකිරීමටද ගුවන්සමාගම අපේක්ෂා කරයි.

ජාතික හා ජාත්‍යන්තර ගුවන්ගමන් වැඩිකිරීම සඳහා පසුගිය වර්ෂ තුනක කාලයඇතුලත ගුවන් සමාගම අලුතින් ගුවන්යාන 80කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS