මස්කට්-මලේ ගුවන්ගමන්



ඕමානයේ මස්කට් නුවර සිට මාලදිවයිනේ මාලේ නුවර දක්වා යළි ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් ගුවන් සමාගම ප්‍රකාශ කළේය.

බෝයිං 737 වර්ගයේ ගුවන්යානයක් යොදා ගනිමින් 2018 ඔක්තෝබර් 28 වන දින ගුවන් සේවය යළි ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඉරිදා, සඳුදා, බඳාදා,බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල මස්කට් නුවර සිට මාලේ නුවර දක්වාත් ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා මලේ නුවර සිට මස්කට් නුවර දක්වා ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS