භාණ්ඩ 13,000කට බදු අය කරයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයභාණ්ඩ13,000කට ආසන්න සංඛ්‍යාවකට බදු අය කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

භාණ්ඩ4,000කට වැඩි ප්‍රමාණයක මිලගණන් දෙසැම්බර් 01 දින සිට ඉහළ යන බව එමිරේට්ස් ෆෙඩරල් බදු අධිකාරිය ප්‍රකාශ කළේ ය.

බදු අයකරනු ලබන භාණ්ඩ ප්‍රමාණය 13,000කට වැඩි වන බවත්, 9,000කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් ලේඛන ගත කර ඇති බව එමිරේට්ස් ෆෙඩරල් බදු අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, කලීඩ් අලි අල්-බුස්ටානි ප්‍රකාශ කළේ ය.

බාර්කෝඩයක් හරහා දුම්වැටි මිලදී ගැනීමේදි අව්‍යාජ ද, ව්‍යාජ ද යන්න පරීක්ෂා කිරීමට පාරිභෝගිකයන්ට ලබන වසරේ සිට අවස්ථාව සලසා දීමට සුරාබදු අධිකාරිය කටයුතු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS