බෝයිං 737 යානා නිෂ්පාදනය අඩු කෙරේ



ඉතියෝපියාවේ සිදුවුණු ගුවන් අනතුර සැලකිල්ලට ගනිමින් තම 737 වර්ගයේ යානා නිෂිපාදනය අඩු කිරීමට ඇමෙරිකාවේ බෝයිං ගුවන් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.

157 දෙනකු සමඟ පසුගිය මාර්තු මාසයේ කඩා වැටුණේ බෝයිං 737 මැක්ස් වර්ගයේ මගී යානයකි.

යානය කඩා වැටුණේ එහි දෝෂයක් නිසා නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා යැයි පරීක්ෂණවලින් අනාවරණය විය. මේ වනවිට සියලුම මැක්ස් යානා නිෂ්පාදන නවතා ඇති අතර, ලොව ප්‍රධාන ගුවන් සේවා මැක්ස් යානා භාවිතය අවලංගු කර තිබේ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS