බදු අයකිරීම ඩිජිටල් වෙයි



සියළුම දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදනවලට අදාල බදු අයකිරීම සඳහා ඩිජිටල්කරණය කරන ලද ක්‍රමවේදයක් 2019 ජනවාරි 01 දින සිට හඳුන්වා දෙන බව ඒමිරේටිස් මුදල් අමාත්‍ය සහ ෆෙඩරල් බදු අධිකාරියේ සභාපති, ෂයික් හම්ඩන් බින් රෂීඩ් අල්-මක්ටුම් ප්‍රකාශ කළේය. 

අවසාන පරිභෝගිකයා දක්වා අය විය යුතු සියළුම බදු අය කිරීමට කටයුතු කරන බවත් දුම්කොල ආශ්‍රිත සියළුම නිෂ්පාදනයන් සඳහා ක්‍රමවේදය ක්‍රමාණුකූලව හඳුන්වා දෙන බව අමාත්‍යවරුයා ප්‍රකාශ කළේය.

දුම්වැටි නිෂ්පාදකයන් ආදල ක්‍රමවේදය යටතේ බදු ගෙවිය යුතු වන අතර බදු පැහැර හරින නිෂ්පාදකයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS