පොලිමර් මුදල් නෝට්ටු 2020දි



ඊජිප්තු මහාබැංකුව ප්ලාස්ටික් හෝ පොලිමර්මුදල් නෝට්ටු හඳුන්වා දීමට සැළසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සංවර්ධිත රටවල් පොලිමර් මුදල් නෝට්ටු භාවිතා කරන බවත් ගුණාත්මකභාවය වැඩිකිරීමටත් පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ලැබෙන නිසා 2020දී හඳුන්වාදීමට කටයුතු කරන බව ඊජිප්තු මහාබැංකු අධිපති, ටාරික් අමීර් ප්‍රකාශ කළේය.

පරිසර හිතකාමි මෙන්ම කඩදාසි මුදල් නොට්ටුවලට වඩා ආරක්ෂිත ක්‍රම පොලිමර් මුදල් නෝට්ටුවලට අඩංගු කිරීමට හැකියාව පවතින නිසා වඩාත් ආරක්ෂිතව මුදල්නෝට්ටු පරිහරණය කිරීමේ හැකියාව ලැබෙයි.

කඩදාසි මුදල් නෝට්ටුවලට වඩා 2.5 වාරයක් පොලිමර් මුදල් නෝට්ටු භාවිතා කිරීමේ හැකියාවදපවතියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS