පාසල් ගාස්තු වැඩි කිරීමට අවසර



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර පිහිටා ඇති පෞද්ගලික පාසල් 24කට 2017-2018 අධ්‍යාපන වර්ෂය සඳහා වාර්ෂික පාසල් ගාස්තු 3%කින් වැඩිකිරීම සඳහා ඩුබායි අධ්‍යාපන සභාව අනුමැතිය ලබාදී ඇති අතර තවත් පෞද්ගලික පාසල් 60 ක් කර තිබු ඉල්ලීම එම සභාව ප්‍රතික්ෂේප කර ඇති බව ඒමිරේට්ස් මාධ්‍යායතනය වාර්තා කර ඇත.

පුද්ගලික පාසල් වල සිටින සිසුන් ගෙන් 34%ක් එමිරේට් ඩිරාම් 10,000කට වඩා අඩු මුදලක් වාර්ෂික පාසල් ගාස්තු ලෙස ගෙවන අතර 24%ක් එමිරේට් ඩිරාම් 20,000-30,000ක්ද, 12%ක් එමිරේට් ඩිරාම් 30,000-50,000ක්ද,6%ක් එමිරේට් ඩිරාම් 50,000කට වඩා වැඩි මුදලක් වාර්ෂික පාසල් ගාස්තු ලෙස ගෙවනු ලබන බව වාර්තා වේ.

පාසල් වාර්ෂික ගාස්තු වැඩිකිරීම සඳහා පැසල් 84ක් ඉල්ලා ඇති අතර පාසල් වල පවතින ගුණාත්මකභාවය සහ සපයා ඇති පහසුකම් පරීක්ෂා කර බලා අදාල තීරණයන් ලබා දුන් බව  ඩුබායි අධ්‍යාපන සභාව ප්‍රකාශ කළේය.

අමතර ගාස්තු දරුවන්ගෙන් අය කරනවාද යන්න පරීක්ෂා කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව  ඩුබායි අධ්‍යාපන සභාවේ පෞද්ගලික පාසල් තත්ත්ව සහතික අංශයේ විධායක අධ්‍යක්ෂ, හමාඩ් අල්-ධහේරි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS