පාරිභෝගික මිල දර්ශකය ඉහළට



ඕමානයේ පාරිභෝගික මිල දර්ශකය 0.22% ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2018-2019 වර්ෂවල මැයි මාස සමඟ සංසන්දනය කිරීමේදි පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් ඇත.

2018-2019 වර්ෂවල අප්‍රේල් මාස සමඟ සංසන්දනය කිරීමේදි පාරිභෝගික මිලදර්ශකය 0.17කින් පහළ ගොස් ඇත.

උද්ධමනය වැඩිවීම හේතුවෙන් ප්‍රධාන අංශ කීපයකින් පිරිවැය ඉහළ ගොස් ඇත.

ආහාර හා මධ්‍යසාර නොවන පාන 0.31% කින්ද, අවන්හල් සහ හෝටල් 0.01%කින්ද,අධ්‍යාපනය1.99%කින්ද,විනෝදය සහ සංස්කෘතිය 0.90%කින්,ගෘහ උපකරණ සහ සාමාන්‍ය ගෘහ නඩත්තු කටයුතු 4.88% කින් පිරිවැය ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS