දියමන්ති ජුබිලිය සමරයි



ෂෙල් ඕමාන් සමාගමේ දියමන්ති ජුබිලිය (60 වැනි සංවත්සරය) සමරණ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

දියමන්ති ජුබිලියසැමරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් විශාල සංඛ්‍යාවක් සහ ආයතනයේ ඉහළ පෙලේ නිලධාරීන් සහභාගි වී ඇත.

“අපේ අතීතය ගැන සොයා බැලීමට හොඳ අවස්ථවක් උදාවෙලා තියනවා. සියළුම දෙනාගේ උත්සහයෙන් අපි හොඳ ගමනක් පැමිණිලා තියනවා.’’ යනුවෙන්උත්සව අවස්ථාව අමතමින් ෂෙල් ඕමාන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති (අලවි), ක්‍රිස් බ්‍රීස් ප්‍රකාශ කළේය. 

ඉදිරියේදි විශාල සේවා ප්‍රමාණයක් සැපයීම සඳහා සමාගම සැළසුම් සකස් කර ඇති බව ක්‍රිස් බ්‍රීස් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS