දැයේ දූ දරුවන්ට ඩයලොග් වෙතින් වටිනා තිළිණයක්



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ Pay TV ජාලය වන ඩයලොග් ටෙලිවිෂන් සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දැයේ දූ දරුවන් වෙත පිදෙන මහඟු තිළිණයක් ලෙසින්, ඩයලොග් ටෙලිවිෂන් ළමා නාලිකා 9ක් ඊයේ එනම් ඔක්තෝබර් 01 වෙනිදා සිට ලබන ඔක්තෝබර් 07 වෙනිදා දක්වා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව නැරඹීමේ අවස්ථාව ලබාදී ඇත.

රූපවාහිනිය දරුවන්ගේ දැනුම වර්ධනයට සහ විනෝදාස්වාදය සඳහා හොඳම මාධ්‍ය බවට පත්කරවීම මෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව Baby TV, Da Vinci, CBeebies, Disney Jr, Nick Jr, Cartoon Network, POGO, Nickelodeon සහ A Plus යන නාලිකා කිසිඳු අමතර ගාස්තුවකින් තොරව නැරඹීමේ අවස්ථාව දරුවන්ට හිමිවන අතර, විනෝදය ගෙන එන අතරම විවිධ වයස් කාණ්වලට අයත් ළමුන්ගේ දැනුම මෙන්ම නිර්මාණශීලීබව වර්ධනයට ඉවහල් වන ආකර්ෂණීය අන්තර්ගතයන්ගෙන් මෙම නාලිකා සමන්විත වේ. මෙම දීමනාව, ON (හිස්තැනක්) ඔබේ Dialog Television ගිණුම් අංකය (හිස්තැනක්) 2020 ටයිප් කර ඔබේ ජංගම දුරකථනයෙන් 679 ට හෝ වෙනත් ජාලයකින් නම් 0770 679 679 ට SMS කිරීමෙන් සක්‍රිය කළ හැක.

මීට අමතරව පාසල්  දරුවන්ගේ ගණිත  විෂය පිළිබඳ කුසලතාවයන්  වැඩි දියුණු කිරීම සඳහා හඳුන්වාදෙන ලද නවතම අධ්‍යාපන මාධ්‍ය වන ‘DP Education’ හි නිර්මාතෘ වන ධම්මික පෙරේරා මහතා, අධ්‍යාපනයෙන් ඔප්නැංවූ දරුවන් සමාජයට එක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට දායක විය හැකි ආකාරය පිළිබඳ සිදු කරන විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලෝක ළමා දිනය යෙදී තිබෙන ඔක්තෝබර්01 වෙනිදා රාත්‍රී 7.30 ට Channel ONE (චැනල් අංක 1)  ඔස්සේ විකාශය කිරීමටද කටයුතු සූදානම් කර ඇත.

ඩයලොග් ටෙලිවිෂන් පිළිබඳව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, Pay TV ජාලය වන ඩයලොග් ටෙලිවිෂන් ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ලොව ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකා නැරඹීමේ අවස්ථාව උදා කරමින්, පාරිභෝගිකයින් වෙත උසස් වින්දනයක් ලබාදීමට කටයුතු කරයි. 1,500,000 ට අධික පාරිභෝගික සංඛ්‍යාවක් වෙත තම සේවාව ලබාදෙන ඩයලොග් ටෙලිවිෂන් වෙතින් HD නාලිකා 10 ක් ඇතුළුව ක‍්‍රීඩා, සිනමා, අධ්‍යාපනික සහ විනෝදාත්මක නාලිකා 130 කට වැඩි ප‍්‍රමාණයක් රසවිඳීමේ හැකියාව ඔබට හිමිවේ. පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින්  මසකට රු.749/- (බදු අදාළ වේ) සිට  පසුගෙවුම් පැකේජයන් ලබාගත හැකි අතර,මසකට රු.325/- (බදු අදාළ වේ) සිට පෙරගෙවුම් ප්ලෑන් රැසක් ලබාගත හැකිවේ.

සියලුම ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගිකයින්ට ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ ටැබ් එකක් මගින් ඉතා පහසුවෙන්  ViU App එක ඔස්සේ අමතර ගාස්තුවකින් තොරව සහ ඩයලොග් ජාලය තුළ ඩේටා ගාස්තු නොමැතිව සජීවී නාලිකා (Live TV)  108 ක් දක්වා නැරඹීමේ පහසුකම ලබාදේ.  ViU App එක Google Play Store හෝ Apple App Store වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැක. Android තාක්ෂණයෙන් බලගැන්වෙන ඩයලොග් ටෙලිවිෂන් ViU Mini Stick සහ ViU Hub2.0 උපාංගය ඔස්සේ නවීනතම Android TV සේවාවන් සිය පාරිභෝගිකයන්ට ලබාදෙන අතර මේ පිළිබඳ වැඩි විස්තර www.dialog.lk  වෙත පිවිසීමෙන් ලබාගත හැක.


RECOMMEND POSTS