තෙලේ බලේට එරෙහිව වීදි බසිති.



මෙක්සිකෝවේ ඉන්ධන මිල 20% ක් ඉහළ යෑම සම්බන්ධයෙන්  මෙක්සිකෝ වැසියන් ඊට දැඩි විරෝධය පළ කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් සිටිති.

එරට රජයේ එම තීරණයට විරුද්ධව අගනුනවර වන මෙක්සිකෝ සිටි හි ඒකරාශී වූ ජනතා සංවිධාන රැසක් ඒ සම්බන්ධයෙන් විරෝධතාවය පළකරමින් ඊයේ (05) සහ අද (06)  දෙදින වීථි බැසින ලදී.

රජයෙන් ඊට නිසි ප‍්‍රතිචාරයක් නොලද නිසා අද (06) දිනයේදී එම උද්ඝෝෂකයන් කඩ සාප්පු කොල්ලකමින් පොදු දේපල විනාශ කිරීමේ නිරතවූ බවද වාර්තා වේ.

රට තුළ ඇතිවී තිබෙන කලබලකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් නගරවල මේ වනවිට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තැබීමට මෙක්සිකෝ රජය පියවර ගෙන තිබේ.

 


( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.....


RECOMMEND POSTS