තෙල් මිල වැඩිවෙලා



 
මැදපෙරදිග කලාපයේ තිබෙන අර්බුදකාරී තත්ත්වයත් වෙනිසියුලාවේ තෙල් නිමැවුම තවදුරටත් පහත වැටීමත් සමඟ,  තෙල් මිල ගණන් සියයට 1ක් වැඩි වී තිබේ.
 
“සෞදි අරාබිය සහ ඉරානය අතර තිබෙන අර්බුදකාරී තත්ත්වය තෙල් මිල ගණන් ඉහළ යෑමට හේතුවුණා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලශක්ති උපදේශකයකු වන සුක්‍රිත් විජයකර් පැවැසීය. ඩොලරය තරමක් දුරට දුර්වල වීම ද මෙලෙස තෙල් මිල ගණන් ඉහළ යෑමට හේතු වී තිබේ. වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදන දිගින් දිගටම පහත වැටීම තෙල් මිල ගණන් ඉහළ යෑමට හේතු වී තිබේ.
 
වෙනිසියුලාවේ ආර්ථික අර්බුදය නිසා 2005 වසරට පෙර කාලය සැලකීමේදී එරට ඉන්ධන නිෂ්පාදනය අඩකින් අඩු වී ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ආයතනය සඳහන් කරයි. මේ අනුව වෙනිසියුලාව මේ වනවිට නිෂ්පාදනය කරන ඉන්ධන දිනකට බැරල් මිලියන 2 සීමාවටත් වඩා පහතට වැටී ඇත. එවැනි පහත වැටීමක් ගෝලීය වෙළෙඳපොළවලට බාධාවක් වනු ඇතැයි ද ගෝලීය වෙළෙඳපොළවල හිඟයක් ඇතිවිය හැකි ද ජාත්‍යන්තර බලශක්ති ආයතනය පෙන්වාදෙයි.
 
මේ වනවිට ඉහළම තෙල් අපනයනකරුවන සෞදි අරාබියත් පසු කර යමින් ඇමෙරිකාවේ නිමැවුම ඉහළ ගොස් තිබේ. ඇමෙරිකාවට වඩා වැඩියෙන් නිෂ්පාදනය සිදු කරනුයේ රුසියාවයි. රුසියාවේ නිෂ්පාදනය දිනකට තෙල් බැරල මිලියන 11කට ආසන්න වේ. මේ වසර අවසන් වනවිට ඇමෙරිකාව රුසියාවේ නිෂ්පාදනය ඉක්මවා යනු ඇතැයි පැවසේ. 
පසුගිය ඉන්ධන සැපයුම අපේක්ෂිත මට්ටමට වඩා අගයක පැවැති අතර මේ වසර අවසන් වනවිට එය අධි සැපයුමක් බවට පත්වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 
 
(රොයිටර්)

RECOMMEND POSTS